ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය නිසා මේ වන විට බොහෝ පවුල් අසරණ වෙලා ඉන්නවා. උවාල්ඩේ ප්රාන්තයේ විනාශ වෙලා ගිය නිවසක කොටුවෙලා හිටපු පවුලක් සහ ඔවුන්ගේ සුරතල් බල්ලන් බේරගන්න ගිය ගලවා ගැනීමේ කණ්ඩායමක බොඩි කැමරාවක සටහන් වුණු දර්ශන පෙළක් මේ වෙද්දී ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. ගංවතුරෙන් යටවුණු නිවසක වහලය උඩ හිරවෙලා හිටපු පවුලේ සාමාජිකයන් අතරින් කුඩා දැරියක්ව හෙලිකොප්ටරයක් ආධාරයෙන් ඉතාම ආරක්ෂිතව ගොඩබිමට රැගෙන යන්න ගලවා ගැනීමේ නිලධාරීන් කටයුතු කළා. ඒ වෙලාවේ අනිත් පවුලේ සාමාජිකයන්ටත් බය වෙන්න එපා කියලා, ඔවුන්ව බේරගන්න තවත් හෙලිකොප්ටරයක් ඉක්මනින්ම එනවා කියලා ඒ නිලධාරියා ඔවුන්ව සනසන හැටිත් ඒ වීඩියෝවේ පැහැදිලිවම බලාගන්න පුළුවන්.
මේ දරුණු ගංවතුර තත්ත්වය නිසා මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙක්වත් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. පසුගිය වසරේ ගිම්හාන කාලයේදීත් මේ ප්රදේශයටම බලපෑ හදිසි ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයන් 130කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. කාලගුණික විපර්යාසයන් නිසා මේ වගේ ස්වාභාවික ආපදා නිතරම සිදුවීම ඇත්තටම කණගාටුදායකයි. කොහොම වුණත්, අසරණ වුණු පවුලක් බේරගන්න මේ නිලධාරීන් දරපු උත්සාහය නම් ඇත්තටම අගය කරන්න ඕනේ. මේ ප්රදේශයේ ජනතාව තවමත් ඉන්නේ දැඩි අවදානමක නිසා ඔවුන් ගැන නිරන්තරයෙන්ම සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක් වෙලා තියෙනවා.

Discussion & Feedback