ලොව ලාබාලතම රජු ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි උගන්ඩාවේ ටූරෝ රාජධානියේ රජු, ඔයෝ නිම්බා කබම්බා ඉගුරු රුකිඩි IV ගේ දේහය පසුගිය දා එන්ටෙබේ ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. වයස අවුරුදු 34ක් වූ රජු ඇමරිකාවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී පිළිකා රෝගයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිළිගැනීම සඳහා ජනාධිපති යොවේරි මුසවේනි ඇතුළු රාජ්‍ය නායකයන් සහ පවුලේ සාමාජිකයන් ගුවන් තොටුපළට පැමිණ සිටි අතර, එහිදී ඉතා ශෝකජනක දර්ශනයක් දැකගන්න ලැබුණා. රජුගේ දේහය මේ වන විට ෆෝට් පෝටල් හි පිහිටි රාජකීය මාලිගාව වෙත රැගෙන ගොස් ඇති අතර, ලබන සෙනසුරාදා ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, රජුගේ අභාවයත් සමඟ ටූරෝ රාජධානියේ අනුප්‍රාප්තිකයා කවුද යන්න පිළිබඳව මේ වන විට බරපතළ මතභේදයක් නිර්මාණය වී තිබෙනවා. රජුට දරුවෙකු සිටින බව අගමැතිවරයා ප්‍රකාශ කළත්, රාජකීය පවුලේ සාමාජිකයන් පවසන්නේ එවැනි දරුවෙකු ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. මෙම ගැටලුව නිසා රාජධානිය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. රජුගේ අභාවය වෙනුවෙන් උගන්ඩාවේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජාතික ධජය අඩකුඹු කර තැබීමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ තරුණ පරපුරේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් කැපවූ රජුගේ වියෝව උගන්ඩාවට විශාල පාඩුවක් බවයි එරට දේශපාලනඥයන් පවසන්නේ.

Discussion & Feedback