දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රදේශයකින් අතුරුදන් වූ එලිසබෙත් මොසෙලක්ගොමෝ නම් කාන්තාවගේ සිරුර හමුවීමත් සමඟ එරට කාන්තාවන් දැඩි බියකින් සහ කම්පනයකින් පසුවෙනවා. ඇය දිනපතා ව්‍යායාම සඳහා දිවීමට යන අයෙක් වන අතර, ඇගේ සිරුර සොයාගන්නා විට එය තුවාල සහිතව සහ අඩ නිරුවතින් තිබී තියෙනවා. කම්ප්ටන් පාර්ක් ප්‍රදේශයෙන්ම පසුගිය දිනවල මෙවැනිම ආකාරයේ කාන්තා සිරුරු පහක් හමුවීම නිසා පොලිසිය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මිනීමරුවෙක් ගැන තවමත් නිශ්චිත සාක්ෂි නැතත්, සිදුවීම්වල සමානකම් නිසා කාන්තාවන්ට තනිව ගමන් කිරීමේදී ඉතා ප්‍රවේශම් වන ලෙස බලධාරීන් අනතුරු අඟවනවා.
මේ සිදුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳව නැවතත් දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. එරට කාන්තාවන් පවසන්නේ තමන්ට සාමාන්‍ය පරිදි පාරේ ඇවිදීමට හෝ කඩයකට යාමට පවා බියක් දැනෙන බවයි. “අපිට නිදහසේ ජීවත් වෙන්න බැරි නම්, අපිට ආරක්ෂාව ලබා දෙන්න පොලිසියක් ඉඳලා වැඩක් තියෙනවාද?” කියා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ප්‍රශ්න කරනවා. ලෝකයේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළම රටවල් අතර දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින නිසා, මෙම සිදුවීම් මාලාව එරට සමාජය තුළ විශාල කම්පනයක් ඇති කර තිබෙනවා. මේ වන විට පොලිසිය විශේෂ කණ්ඩායමක් පත් කර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback