නකල්ස් රක්ෂිතයේ පිහිටි මිනී වර්ල්ඩ්ස් එන්ඩ් ප්රපාතයට වැටී අතුරුදහන්ව සිටි 27 හැවිරිදි තරුණයෙකුගේ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මෙණික්හින්න, ලුනුකැටිය මඩිත, කන්දෙගම්මැද්ද ප්රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා පසුගිය 11 වැනිදා සිට නිවසින් අතුරුදහන් වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා. පසුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී ඔහුගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ තොරතුරු සොයාගෙන තිබෙනවා.
මෙම තරුණයාගේ සිරුර මිනී වර්ල්ඩ්ස් එන්ඩ් ප්රපාතයේ මැද කොටසක සිරවී තිබියදී සොයා ගත් අතර, එය ඉතා අසීරු ස්ථානයක පැවති නිසා සිරුර ගොඩගැනීම විශාල අභියෝගයක් වුණා. පසුව උඩුදුම්බර පොලිසිය විසින් යුද හමුදා කොමාන්ඩෝ භට පිරිස්වල සහාය ලබාගෙන ඉතා අපහසුවෙන් සිරුර ප්රපාතයෙන් පහළට ගෙන ඒමට කටයුතු කළා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

Discussion & Feedback