ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ පිහිටි ට්‍රිෆ්ට් ග්ලැසියරය දියවී යාමත් සමඟ වසර 34කට පෙර අතුරුදහන් වූ බෙල්ජියම් ජාතික කඳු නගින්නන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට බලධාරීන් සමත් වෙලා තියෙනවා. පසුගිය ජූලි 26 වැනිදා කඳු නගින්නෙකුට මේ සිරුරු කොටස් දැකගන්න ලැබුණු අතර, පසුව සිදුකළ DNA පරීක්ෂණවලින් තහවුරු වුණේ ඔවුන් 1992 වසරේදී වයිස්මීස් කඳුකරය ආසන්නයේදී අතුරුදහන් වූ 39 සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනා බවයි. ස්විට්සර්ලන්ත පොලිසිය විසින් මේ සිරුරු ගොඩගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සියොන් නගරයේ රෝහලක් වෙත යොමු කර තිබෙනවා.
පසුගිය දශක කිහිපය තුළ ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ග්ලැසියර ඉතා වේගයෙන් දියවී යාම කැපී පෙනෙන කරුණක්. ග්ලැසියර අධීක්ෂණ ආයතන පෙන්වා දෙන පරිදි, 2025 වසර වන විට ග්ලැසියරවලින් හතරෙන් පංගුවක්ම දියවී ගොස් තියෙනවා. මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර 2023 වසරේදීත් මැටර්හෝන් කඳුකරය ආසන්නයේ තිබී 1986 වසරේ අතුරුදහන් වූ ජර්මානු ජාතික කඳු නගින්නෙකුගේ සිරුරක් මෙලෙසම සොයා ගත්තා. දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන මේ ග්ලැසියර දියවීම ස්විට්සර්ලන්තයේ සංචාරක කර්මාන්තයට සහ පරිසරයට විශාල බලපෑමක් එල්ල කරමින් පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Discussion & Feedback