අඟහරු ග්රහයාගේ අනාගත ගවේෂණ කටයුතු වඩාත් පහසු කරමින්, එහි නව සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700ක දැවැන්ත කොන්ත්රාත්තුවක් ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් (Blue Origin) සමාගමට හිමිවෙලා තියෙනවා. නාසා ආයතනය විසින් මෙම ව්යාපෘතිය ප්රකාශයට පත් කළේ අඟහරු මත සිදුකරන විද්යාත්මක මෙහෙයුම්වල දත්ත හුවමාරුව සහ නාවික කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්. 2030 වසර වන විට මෙම නව සන්නිවේදන පද්ධතිය අඟහරු කක්ෂයේ ක්රියාත්මක කිරීමට නියමිතයි.
දැනට අඟහරු මත සිටින රෝවර් යානා සහ පෘථිවිය අතර දත්ත හුවමාරු කරන්නේ වසර ගණනාවකට පෙර යැවූ පැරණි චන්ද්රිකා මගින්. නමුත් මෙම නව ‘Mars Telecommunications Network’ (MTN) පද්ධතිය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ සන්නිවේදන කටයුතු සඳහාම පමණයි. බ්ලූ ඔරිජින් සමාගම ඔවුන්ගේ ‘Blue Ring’ අභ්යවකාශ යානා වේදිකාව භාවිත කරමින් මෙම චන්ද්රිකාව නිපදවන අතර, එය 2028 වසර අවසානයට පෙර නාසා ආයතනය වෙත භාර දිය යුතු වෙනවා. අනාගතයේදී මිනිසුන් අඟහරු වෙත යැවීමේ නාසා සැලසුම්වලට මෙය ඉතා වැදගත් පියවරක් වේවි.
මෙම ව්යාපෘතිය හරහා අඟහරු මත සිදුවන ගවේෂණවලට නව ජීවයක් ලැබෙන අතර, අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම සන්නිවේදන ජාලය මගින් අඟහරු සහ පෘථිවිය අතර සම්බන්ධතාවය පෙරට වඩා ඉතා වේගවත් සහ විශ්වාසවන්ත එකක් බවට පත්වෙනවා. බ්ලූ ඔරිජින් සමාගම මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ අලුත්ම ‘New Glenn’ රොකට්ටුව භාවිත කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback