ලොව පුරා බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්රිය ඇනිමේටඩ් කතාමාලාවක් වන ‘බ්ලූ අයි සැමරයි’ (Blue Eye Samurai) ගැන අලුත්ම ආරංචියක් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා. ඒ අනුව, මෙම කතාමාලාව තුන්වන වාරයෙන් අවසන් කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ වන විට දෙවන වාරයේ නිෂ්පාදන කටයුතු අවසන් කර ඇති අතර, එය 2027 වසරේ ජනවාරි මාසයේදී නරඹන්නන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තුන්වන වාරයේ නිෂ්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර එය 2028 වසරේදී තිරගත කිරීමට නියමිතයි.
ඇම්බර් නොයිසුමි සහ මයිකල් ග්රීන් යන යුවළ විසින් නිර්මාණය කරන ලද මෙම කතාමාලාව, ජපානයේ ටොකුගාවා ෂෝගුනේට් සමයේදී තම පියා සොයා පළිගැනීමේ අරමුණින් ගමන් කරන මිශ්ර ජාතික රණශූරියක වන මිසුගේ කතාව වටා ගෙතී තිබෙනවා. 2023 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වූ මෙම කතාමාලාව ඉතා කෙටි කලකින් රසිකයන් අතර ජනප්රිය වුණා. විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවති ප්රයිම් ටයිම් ක්රියේටිව් ආර්ට්ස් එමී සම්මාන උළෙලේදී විශිෂ්ටතම ඇනිමේටඩ් වැඩසටහන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමටත් මෙම කතාමාලාව සමත් වුණා.
කතාවේ අවසානය තෙක් මිසුගේ මේ අභියෝගාත්මක ගමන කොහොම සිද්ධ වෙයිද කියලා බලාගන්න රසිකයන් බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. තුන්වන වාරයත් සමඟ මේ අපූරු කතාමාලාව නිමාවට පත් වුණත්, එය ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සටහන් වනු නොඅනුමානයි.

Discussion & Feedback