2015 වසරේ නිකුත් වුණු ජනප්රිය Bloodborne ක්රීඩාව ගැන මේ දවස්වල ආයෙත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ගොඩක් රසිකයන් අවුරුදු ගාණක ඉඳන් මේ ක්රීඩාවේ PS5 Remaster එකක් හෝ PC සංස්කරණයක් එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියත්, තාමත් ඒ දේ වෙලා නැහැ. අදටත් මේ ක්රීඩාව 30FPS සීමාවක තමයි තියෙන්නේ. මේ ගැන Sony ආයතනයේ හිටපු සභාපති Shuhei Yoshida පවා පුදුම වෙලා ඉන්නේ. ඔහු කියන විදිහට, ලෝකය පුරාම මෙච්චර රසිකයන් ඉන්න ක්රීඩාවක් වෙලත්, ඇයි තාම මේකට PS5 යාවත්කාලීන කිරීමක් හෝ Remaster එකක් නොලැබුණේ කියන එක ලොකු ප්රශ්නයක්.
මෑතකදී පැවැත්වුණු සමුළුවකදී Yoshida මේ ගැන අදහස් දක්වමින් කිව්වේ, මේක ඇත්තටම විසඳගන්න බැරි අභිරහසක් කියලයි. Bloodborne අනුප්රාප්තිකයක් (Sequel) එයිද කියන ප්රශ්නයටත් ඔහු දුන්නේ අවිනිශ්චිත උත්තරයක්. “සමහරවිට අනාගතයේදී එන්න පුළුවන්, නැත්නම් නොඑන්නත් පුළුවන්” කියලයි ඔහු සඳහන් කළේ. කොහොම වුණත්, Yoshida දැන් Sony ආයතනයේ සේවය කරන්නේ නැති නිසා, මේ ප්රකාශයෙන්ම අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි.
කෙසේ වෙතත්, රසිකයන් දිගින් දිගටම මේ ගැන හඬක් නගනවා නම්, කවදාහරි දවසක Sony ආයතනයට මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න සිද්ධ වෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. දැනට නම් Bloodborne රසිකයන්ට ඉතිරි වෙලා තියෙන්නේ මේ ක්රීඩාව ගැන එන අලුත් ඇනිමේටඩ් සීරීස් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එක විතරයි.

Discussion & Feedback