ජනප්‍රිය මුදල් හුවමාරු යෙදුමක් වන Cash App හරහා සිදුවන වංචා වැළැක්වීමට අපොහොසත් වීම සහ පරිශීලකයින් නොමඟ යැවීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රාන්ත 46ක් විසින් ගොනු කළ නඩුවකට විසඳුමක් ලෙස, එම යෙදුමේ හිමිකාර සමාගම වන Block ආයතනය ඩොලර් මිලියන 45ක වන්දියක් ගෙවීමට එකඟ වෙලා තියෙනවා. තමන් බැංකුවක් සේ ආරක්ෂිත බව පවසමින් පරිශීලකයින්ව නොමඟ යැවූ බවට මෙම ප්‍රාන්තවල නීතිපතිවරුන් චෝදනා කළත්, Block සමාගම තමන් කිසිදු වරදක් කර නැති බව පවසමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම නඩුවට අනුව, Cash App හරහා ගිණුම් විවෘත කිරීමේදී නිසි හඳුනාගැනීමේ ක්‍රමවේද නොතිබීම නිසා වංචාකරුවන්ට පහසුවෙන් ගිණුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබී තිබුණා. ඒ වගේම, නිසි පාරිභෝගික සේවා දුරකථන අංකයක් නොතිබීම නිසා, ගිණුම් අවහිර වූ බොහෝ පරිශීලකයින් වංචාකරුවන් විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ පාරිභෝගික සේවා අංකවලට හසුවී මුදල් අහිමි කරගෙන තිබෙනවා. මීට පෙරද පාරිභෝගික ආරක්ෂණ කාර්යාංශය විසින් මෙම සමාගමට එරෙහිව දැඩි පියවර ගෙන තිබූ අතර, මේ වන විට ඔවුන් සිය ආරක්ෂණ පියවර සහ පාරිභෝගික සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පොරොන්දු වී තිබෙනවා.
දැන් Block සමාගම පවසන්නේ ඉදිරියේදී Cash App හරහා සජීවී පාරිභෝගික සේවා පහසුකම් ලබා දෙන බවයි. ෆින්ටෙක් යෙදුම් හරහා මුදල් ගනුදෙනු කරන පිරිස වැඩිවීමත් සමඟ මෙවැනි නියාමන ක්‍රියාමාර්ග අනාගතයේදී තවත් දැඩි වනු ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback