සයිබර්පන්ක් ලෝකයේ අමරණීය නිර්මාණයක් වන ‘බ්ලේඩ් රනර්’ (Blade Runner) රසිකයන්ට සතුටු වෙන්න පුළුවන් අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. 2027 වසරේදී බ්ලේඩ් රනර් ලෝකය තවත් පුළුල් කරමින් අලුත්ම අත්දැකීමක් රසිකයන් අතරට ගෙන එන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේක සාමාන්ය චිත්රපටයක් හෝ වීඩියෝ ක්රීඩාවක් විතරක් නෙවෙයි, ‘Blade Runner: The Immersive Experience’ නමින් හඳුන්වන විශේෂ බහු-සංවේදී (multisensory) අත්දැකීමක් විදිහට තමයි මෙය නිර්මාණය වෙන්නේ. ඇමසන් ආයතනය විසින් නිෂ්පාදනය කරන බ්ලේඩ් රනර් රූපවාහිනී කතා මාලාවත් 2026 අවසානයේදී එන්න නියමිත නිසා, ඉදිරි වසර කිහිපය බ්ලේඩ් රනර් රසිකයන්ට නම් හරිම විශේෂ වෙයි.
මෙම නවතම ව්යාපෘතිය Behaviour Interactive සහ PHI Studio එකතු වෙලා තමයි නිර්මාණය කරන්නේ. උතුරු ඇමරිකාවේ තෝරාගත් නගර කිහිපයකදී 2027 වසරේදී මේ අත්දැකීම විඳගන්න රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. බ්ලේඩ් රනර් ලෝකයේ තියෙන අඳුරු, අනාගතවාදී සහ දාර්ශනික පසුබිම ඉතාම ආකර්ෂණීය විදිහට මෙහිදී අත්විඳින්න පුළුවන් වෙයි කියලා තමයි නිර්මාණකරුවන් පවසන්නේ. දැනට මේ ගැන වැඩි විස්තර ප්රසිද්ධ කරලා නැති වුණත්, ඉදිරි මාස කිහිපය තුළදී ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ලැබෙයි. චිත්රපටවලින් පස්සේ බ්ලේඩ් රනර් ලෝකය මේ විදිහට විවිධ මාධ්ය ඔස්සේ අලුත් වෙමින් පැවතීම රසිකයන්ට නම් ලොකු සතුටක්. මේ අත්දැකීම ලෝකයේ අනෙක් රටවලටත් කවදාහරි ලැබෙයිද කියන එක ගැන තවම නිශ්චිත දෙයක් කියලා නැහැ.

Discussion & Feedback