ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ මුල් කාලයේදී හඳුනාගත් ‘කුඩා රතු තිත්’ (Little Red Dots) ලෙස හැඳින්වෙන මන්දාකිණි පිළිබඳව විද්යාඥයන් අලුත්ම හෙළිදරව්වක් කරලා තියෙනවා. මේ කුඩා මන්දාකිණි ඇතුළේ ඝන දූවිලි පටලයකින් වැසුණු කළු කුහර සැඟවී තියෙන්න පුළුවන් බවයි පර්යේෂකයන් කියන්නේ. මේ කළු කුහර මගින් ‘අවතාර අංශු’ හෙවත් නියුට්රිනෝ (Neutrinos) විශාල වශයෙන් විශ්වයට මුදාහරින බවටයි මේ නවතම පර්යේෂණයෙන් අනාවරණය වෙලා තියෙන්නේ. නියුට්රිනෝ කියන්නේ කිසිදු ආරෝපණයක් නැති, ස්කන්ධයක් නැති තරම් කුඩා අංශු වර්ගයක්. මේවා තත්පරයකට ට්රිලියන ගණනින් අපේ ශරීරය හරහා පවා ගමන් කරනවා.
සාමාන්යයෙන් ඉහළ ශක්තියක් සහිත නියුට්රිනෝ බිහිවෙන විටම ගැමා කිරණත් නිකුත් වෙන්න ඕනේ. හැබැයි විශ්වයේ තියෙන ගැමා කිරණ ප්රමාණය අපි හිතනවාට වඩා අඩු නිසා, මේ නියුට්රිනෝ එන්නේ ගැමා කිරණ පිටතට ඒමට නොහැකි තරම් ඝන දූවිලි හා වායු වලාකුළු වලින් වැසුණු ස්ථානවලින් බව විද්යාඥයන් විශ්වාස කරනවා. කියෝතෝ විශ්වවිද්යාලයේ පර්යේෂක රිකු කුසේ ප්රමුඛ කණ්ඩායම පෙන්වා දෙන්නේ මේ ‘කුඩා රතු තිත්’ මන්දාකිණි තුළ සිදුවන අංශු ගැටුම් නිසා පෘථිවියට ලැබෙන අධි ශක්ති නියුට්රිනෝවලින් සැලකිය යුතු කොටසක් බිහිවන බවයි. අභ්යවකාශයේ තියෙන මේ අභිරහස් මන්දාකිණි ගැන තවදුරටත් අධ්යයනය කිරීමෙන් විශ්වයේ ආරම්භය සහ එහි සිදුවන නොපෙනෙන ක්රියාවලීන් ගැන අපිට තවත් බොහෝ දේ දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback