ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට කිලෝමීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි ඕලන් කියන ප්‍රදේශයේදී මෑතකදී හරිම පුදුම හිතෙන සිදුවීමක් වාර්තා වුණා. ඉරිදා දවසක වාහනයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පාර අයිනේ දාලා ගිය ගමන් මල්ලක් දැකලා ඒක ඇරලා බලනකොට ඇතුළේ තිබිලා තියෙන්නේ මනුස්සයෙක්ගේ මළ සිරුරක් වගේ පෙනෙන දෙයක්. මේ දර්ශනය දැකලා බියට පත් වුණු ඔවුන් වහාම පොලිසියට දැනුම් දීලා තියෙනවා.
පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රදේශය වට කරලා පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තා. කාලගුණය අයහපත් නිසාත්, සාක්ෂි විනාශ වෙයි කියලා බියෙන් ඔවුන් ඒ දේ එතැනදීම වැඩිපුර පරීක්ෂා කරලා නැහැ. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණයකින් පස්සේ තමයි ඇත්තම කතාව එළියට ආවේ. ඇත්තටම ඒ මළ සිරුරක් නෙවෙයි, මිනිස් රුවට ඉතාම සමාන විදිහට හදපු බෝනික්කෙක් කියලා තහවුරු වුණා.
මේ බෝනික්කා ඇඳලා හිටපු ඇඳුම්, එයාගේ කොණ්ඩේ සහ නාසයේ තිබුණු සිදුරු නිසා ඒක ඇත්ත මනුස්සයෙක් වගේම පෙනුනලු. ඒ විතරක් නෙවෙයි, ඇඟේ තිබුණු තැලීම් සහ සීරීම් ලකුණු නිසා පොලිසියටත් මුලින්ම ඒක ඇත්ත මළ සිරුරක් කියලාමයි හිතෙන්න ඇත්තේ. කොහොම වුණත්, මේ සිදුවීම නිසා ඕස්ට්‍රේලියාවේ පොලිසියට ලොකු වැඩක් වෙලා තිබුණත්, අන්තිමේදී ඒක බෝනික්කෙක් බව දැනගන්න ලැබීම නිසා ඔවුන්ටත් ලොකු සහනයක් දැනෙන්න ඇති.

Discussion & Feedback