ප්රසිද්ධ ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක් වන ‘Real Time with Bill Maher’ හිදී එහි නිවේදක බිල් මාහර් විසින් ජනප්රිය ගායිකා අරියානා ග්රෑන්ඩ්ගේ සිරුරේ බර සම්බන්ධයෙන් කළ විහිළු කිහිපයක් මේ වන විට දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. වැඩසටහනේ ආරම්භක මොහොතේදී පිටසක්වල ජීවීන් ගැන කතා කරමින් සිටි මාහර්, අරියානා ග්රෑන්ඩ්ගේ පෙනුම සහ ඇගේ සිරුරේ බර ගැන ඉතාම අසංවේදී ලෙස විහිළු කිරීම නිසා ප්රේක්ෂකාගාරයේ සිටි පිරිස දැඩි අප්රසාදය පළ කර තිබෙනවා. මුලින්ම ඔහු කළ විහිළුවට ප්රේක්ෂකයන් සිනාසුණත්, පසුව ඇය ආහාර ගත යුතු බවට ඔහු කළ අශෝභන ප්රකාශයත් සමඟම ප්රේක්ෂකයන් අතරින් විරෝධතා හඬවල් සහ කෙඳිරිලි ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා.
මෑතකදී අරියානා ග්රෑන්ඩ් සිය වෘත්තීය ජීවිතයෙන් කෙටි විරාමයක් ලබා ගන්නා බව නිවේදනය කර තිබුණේ ඇගේ පෞද්ගලික සීමාවන් සහ මානසික සුවතාවය වෙනුවෙන් බව පවසමින්. ඇගේ පෙනුම සම්බන්ධයෙන් සමාජ මාධ්යවල විවිධ කතා පැතිර යන මොහොතක, මෙවැනි ප්රසිද්ධ පුද්ගලයෙකු මෙලෙස අන් අයගේ ශරීර ස්වභාවය ගැන විහිළු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙලා තියෙනවා. විනෝදය සඳහා ඕනෑම දෙයක් පැවසිය හැකි වුවත්, මානසික සෞඛ්යය සහ ශරීර ස්වභාවය වැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් මෙවැනි පහත් මට්ටමේ විහිළු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි බොහෝ රසිකයන් පවසන්නේ. කෙසේ වෙතත්, බිල් මාහර් මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු සමාවක් ඉල්ලා නොමැති අතර, ඔහු තවදුරටත් තම මතයේම සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback