ලෝකයේ විදුලි බල ඉල්ලුම ඉදිරි කාලයේදී විශාල ලෙස ඉහළ යන බව බිල් ගේට්ස්ගේ ‘Breakthrough Energy’ ආයතනය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සහ දත්ත මධ්‍යස්ථාන නිසා විදුලිය සඳහා ඇති ඉල්ලුම අනාගතයේදී තුන් ගුණයකින් පමණ වැඩි විය හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අභියෝගයට මුහුණ දීම සඳහා ඔවුන් මේ වන විට අලුතින් ආරම්භ වූ සමාගම් 21ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.
මෙම නව සමාගම් අතර න්‍යෂ්ටික විලයන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, රොබෝ තාක්ෂණය සහ දත්ත මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාව වැඩි කරන නව නිපැයුම් රැසක් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට, Borealis Fusion වැනි සමාගම් අඩු වියදමකින් බලශක්තිය ලබා ගැනීමට උත්සාහ කරන අතර, තවත් සමහර සමාගම් හයිඩ්රජන් සහ ඇමෝනියා භාවිතයෙන් බලශක්තිය ප්‍රවාහනය කිරීමේ නව ක්‍රමවේද අත්හදා බලනවා. මේවා සාර්ථක වුණොත් අනාගතයේදී ලෝකයට අවශ්‍ය බලශක්තිය ඉතා ලාභදායීව සහ පරිසර හිතකාමීව ලබා ගැනීමට හැකි වේවි.
පරිසර දූෂණය අවම කිරීම වගේම, දැනටමත් උණුසුම් වෙමින් පවතින පෘථිවියට අනුවර්තනය වීමට අවශ්‍ය තාක්ෂණයන් දියුණු කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්. බිල් ගේට්ස්ගේ මෙම පියවර හරහා ඉදිරි දශක කිහිපය තුළ බලශක්ති ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවනු ඇති බවයි විශේෂඥයන් විශ්වාස කරන්නේ. මේ ව්‍යාපෘති හරහා ලෝකයේ බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback