බිල් ඩුබුක් විසින් නිර්මාණය කරපු ‘M.I.A.’ කියන අපරාධ කතා මාලාව එකම එක වාරයකින් පස්සේ නවත්වන්න පීකොක් (Peacock) ආයතනය තීරණය කරලා තියෙනවා. පසුගිය මැයි මාසයේදී විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව කොටස් නවයකින් සමන්විත වුණා. මියාමි නගරයේ පසුබිමින් නිර්මාණය වුණු මේ කතා මාලාව සැබෑ මියාමි නගරයේම රූගත කිරීම් සිදු කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් වුණා. කෙසේ වෙතත්, මේ කතා මාලාව එකවරම නතර කිරීමට හේතුව පිළිබඳව පීකොක් ආයතනය තවමත් නිල වශයෙන් කිසිවක් ප්රකාශ කරලා නැහැ.
මේ කතා මාලාවේ කතාව ගෙතෙන්නේ එටා ටයිගර් ජෝන්ස් කියන චරිතය වටායි. ඇය තමන්ගේ පවුලේ මත්ද්රව්ය ජාවාරම පවත්වාගෙන යන අතරතුර, පවුලේ ව්යාපාරයට තර්ජනයක් එල්ල වුණාම ඇය කොහොමද මියාමි නගරයේ අපරාධ ලෝකය තුළ තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ජීවිතය බේරගන්නේ කියන එක තමයි මෙහි දකින්න ලැබෙන්නේ. ෂැනන් ගිසෙලා ප්රධාන චරිතයට පණ පොවන අතර කැරී එල්වෙස් ඇතුළු තවත් ජනප්රිය නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වුණා.
මේ තීරණයත් එක්ක පීකොක් ආයතනයේ වැඩපිළිවෙල ගැන ප්රේක්ෂකයින් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. නෙට්ෆ්ලික්ස් ආයතනය වගේම පීකොක් ආයතනයත් අලුත් කතා මාලා එක වාරයකින්ම අවසන් කරන එක ගැන බොහෝ දෙනෙක් සමාජ මාධ්ය ඔස්සේ තමන්ගේ අප්රසාදය පළ කරනවා. කොහොම වුණත්, මේ කතා මාලාවට ආදරය කරපු රසිකයින්ට නම් මේක ලොකු කනගාටුදායක ආරංචියක් වෙලා තියෙනවා.

Discussion & Feedback