ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සිම් කාඩ්පත් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී වඩාත් විධිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. රට තුළ සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමේ අරමුණින් මෙම නව තීරණය ගෙන ඇති බවයි එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පවසන්නේ. ඒ අනුව, අලුතින් සිම් කාඩ්පතක් ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම සජීවී ඡායාරූපයක් ලබා දීම ඇතුළු දැඩි අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි. දැනට පවතින ක්‍රමය අනුව එක් ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් ජංගම දුරකථන සමාගම් තුනකින් සිම් කාඩ්පත් 15ක් දක්වා ලබා ගැනීමේ හැකියාව පවතින අතර, මෙම නව නීති මගින් එවැනි අවභාවිතයන් අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව, පාරිභෝගිකයන්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමට ඉඩ සලසන ‘නම්බර් පෝටබිලිටි’ (Number Portability) පහසුකම හඳුන්වා දීමේ කටයුතු ද මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. එමෙන්ම, ඉදිරි වසර තුන තුළ මෙරට අඩු පහසුකම් සහිත ප්‍රදේශවල විදුලි සංදේශ ආවරණය පුළුල් කිරීමටත් රජය සැලසුම් කර තිබෙනවා. 2025 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 5G තාක්ෂණය තවදුරටත් දියුණු කරමින්, සාමාන්‍ය ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව මෙම නවීන තාක්ෂණික සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Discussion & Feedback