හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් අධ්යක්ෂණය කරන අලුත්ම චිත්රපටය වන ‘Animals’ ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ චිත්රපටයේ ප්රධාන චරිතය සඳහා මුලින්ම තෝරගෙන හිටියේ බෙන්ගේ හොඳම යාළුවා මැට් ඩේමන්ව. ඒ වගේම බෙන්ගේ හිටපු බිරිඳ ජෙනිෆර් ගානර්ව මේ චිත්රපටයේ බිරිඳගේ චරිතයට දාගන්නත් ඔහු හිතාගෙන ඉඳලා තියෙනවා. ඒ ගැන බෙන් කියන්නේ, ජෙනිෆර් ඒ චරිතයට ගොඩක් ගැළපෙනවා වගේම, දෙන්නාටම තමන්ගේ දරුවන් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නත් මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා ඔහු හිතපු බවයි. ඒත් පස්සේ කාලෙක චිත්රපටයේ වැඩ කටයුතු වෙනස් වෙලා, බෙන්ටම ප්රධාන චරිතය කරන්න සිද්ධ වුණා.
මේ ගැන බෙන් කියන්නේ, ඔහු ජෙනිෆර් එක්ක මේ ගැන කතා කළාම ඇය කියලා තියෙන්නේ, ඒ විදිහට හිටපු යුවළක් එකට රඟපාන එක ප්රේක්ෂකයන්ට ටිකක් අමුතු දැනෙන්න පුළුවන්, ඒ වගේම ඒක චිත්රපටයට අනවශ්ය බරක් වෙන්න පුළුවන් කියලයි. ඇත්තටම බෙන් කියන විදිහට, ජෙනිෆර් කියන්නේ ඉතාම දක්ෂ නිළියක් වගේම ඔවුන් දෙන්නා අදටත් හොඳ යාළුවෝ. ඒත් ප්රේක්ෂකයන්ගේ හිතේ තියෙන ඒ ‘බෑගේජ්’ එක හෙවත් පැරණි මතකයන් චිත්රපටයේ සාර්ථකත්වයට බාධාවක් වෙයි කියලා ඔහු හිතනවා. කොහොම වුණත්, අවසානයේදී බෙන් ඇෆ්ලෙක් මේ චිත්රපටයට කෙරී වොෂින්ටන්ව තෝරගෙන තියෙනවා. මේ චිත්රපටය ඔක්තෝබර් 9 වැනිදා නෙට්ෆ්ලික්ස් හරහා ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback