ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන ස්ටාර් වෝර්ස් සිනමා පට මාලාවේ සංගීත අධ්යක්ෂවරයා වන ජෝන් විලියම්ස්, මෑතකදී ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් බෝල්හි පැවති විශේෂ ප්‍රසංගයකදී රසිකයන්ව පුදුමයට පත් කරමින් නැවතත් වේදිකාවට පැමිණියා. ස්ටාර් වෝර්ස් චිත්‍රපට නවයම සඳහා සංගීතය නිර්මාණය කළ මේ දැවැන්ත කලාකරුවා, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක වේදිකාවට ගොඩවී, ස්ටාර් වෝර්ස් හි අතිශය ජනප්‍රිය ‘ද ඉම්පීරියල් මාර්ච්’ (The Imperial March) තනුව මෙහෙයවනු ලැබුවා. මෙම අවස්ථාව ප්‍රසංගයේ නිල වැඩසටහනට ඇතුළත් කර නොතිබූ නිසා, එහි සිටි ප්‍රේක්ෂකයන්ට මෙය සැබෑ පුදුමයක් වුණා.
වසර හැටකට අධික කාලයක් පුරා හොලිවුඩ් සිනමාවට අමරණීය සංගීතයක් දායාද කළ ජෝන් විලියම්ස්, ඉන්ඩියානා ජෝන්ස්, ජුරාසික් පාර්ක්, හැරී පොටර් සහ ෂින්ඩ්ලර්ස් ලිස්ට් වැනි ලොවම දන්නා චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා. වයස අවුරුදු 90 ඉක්මවූ ඔහු මෙවැනි ප්රසංගවලින් ප්‍රසිද්ධියේ සංගීතය මෙහෙයවීම ඉතාමත් දුර්ලභ දෙයක්. අවසන් වරට ඔහු මෙවැනි ප්‍රසංගයකදී සංගීතය මෙහෙයවනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ස්ටාර් වෝර්ස් රසිකයන්ට සිය ප්‍රියතම සංගීතඥයාව මෙලෙස යළිත් දැකගන්න ලැබීම සැබවින්ම සතුටට කරුණක් වුණා. ඔහුගේ මෙම අනපේක්ෂිත පැමිණීම පිළිබඳ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා රසිකයන් අතර වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

Discussion & Feedback