බෙල්ජියමේ ජීවත් වුණු ක්ලෙමන්ට් වැන්ඩන්කර්ක්හෝව් කියන විසිහය හැවිරිදි තරුණයා ගැන මේ දවස්වල ලෝකයම කතා වෙනවා. මොකද, ඔහු මීට කලින් කාර් විකුණන සාමාන්‍ය රැකියාවක් කරපු කෙනෙක් වුණත්, දැන් ඔහු බෙල්ජියමේ ලෝරන්ට් කුමරුගේ නීත්‍යානුකූල පුත්‍රයා සහ උරුමක්කාරයා බවට පත් වෙලා තියෙනවා. ලෝරන්ට් කුමරු සහ බෙල්ජියම් ගායිකාවක් වන වෙන්ඩි වැන් වැන්ටන් අතර තිබුණු සම්බන්ධතාවයකින් තමයි ක්ලෙමන්ට් උපත ලැබුවේ. මාස හයකට කලින් රහසිගතව පැවති උත්සවයකදී මේ පිය-පුතු සම්බන්ධය නීත්‍යානුකූලව තහවුරු කරගත්තත්, ඒ ගැන තොරතුරු එළියට ආවේ මෑතකදීයි.
මේ තරුණයා දැන් කුමාරයෙක් වුණාට ඔහුට රාජකීය දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔහු බෙල්ජියමේ රාජකීය අනුප්‍රාප්තික පෝලිමටවත්, රාජකීය රාජකාරිවලටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. ක්ලෙමන්ට් කියන විදිහට ඔහු තමන්ගේ මව තමන් වෙනුවෙන් කැප කරපු දේවල් නිසා තමන්ගේ මුල් වාසගම වන ‘වැන්ඩන්කර්ක්හෝව්’ නම අත්හරින්න කැමති නැහැ. ඔහු තමන්ගේ පියා කවුද කියලා දැනගත්තේ වයස අවුරුදු දහසයේදී. පස්සේ කාලෙකදී DNA පරීක්ෂණයකින් පියා සහ පුතා අතර 99.5%ක සම්බන්ධයක් තියෙන බව තහවුරු වුණා. බෙල්ජියමේ හිටපු රජු වන ඇල්බට් රජුටත් මීට සමාන අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා වගේම, මේ සිදුවීමත් දැන් බෙල්ජියමේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.

Discussion & Feedback