හොලිවුඩයේ ජනප්රිය නළු පෙඩ්රෝ පැස්කල් ප්රධාන චරිතයට පණ පොවන ටෝනි ගිල්රෝයිගේ නවතම සිනමා නිර්මාණය වන ‘බෙහෙමත්’ (Behemoth!) චිත්රපටයේ පළමු ට්රේලරය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්රපටයේ පෙඩ්රෝ පැස්කල් සමඟ ඔලිවියා වයිල්ඩ්, ඊවා වික්ටර් සහ විල් ආනෙට් වැනි දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. සර්ච්ලයිට් ආයතනය විසින් මෙම චිත්රපටය 2026 දෙසැම්බර් 4 වැනිදා සිනමා ශාලා වෙත නිකුත් කිරීමට නියමිත බවත් නිවේදනය කරලා තියෙනවා.
මෙම කතාව ගෙතෙන්නේ වසර 20කට පසුව නැවතත් ලොස් ඇන්ජලීස් නගරයට පැමිණෙන ඇලෙක්ස් සෙරියන් නම් දක්ෂ සෙලෝ වාදකයෙක් වටායි. ඔහුගේ ජීවිතයේ එකම සහකාරිය වූ සංගීතය ඔහුව වෙනස්ම ආකාරයක ගමනකට රැගෙන යන අයුරු මෙහි දැකගන්න පුළුවන්. ‘මයිකල් ක්ලේටන්’ වැනි විශිෂ්ට චිත්රපට අධ්යක්ෂණය කළ ටෝනි ගිල්රෝයි විසින්ම මෙම චිත්රපටයේ තිර රචනය සහ අධ්යක්ෂණය සිදු කර තිබෙනවා. ‘මයිස්ට්රෝ’ සහ ‘ටාර්’ වැනි චිත්රපටවලට සමාන ගුණාංග මෙම නිර්මාණය තුළින් දකින්න ලැබෙන බවයි විචාරකයන් පවසන්නේ.
සිනමා ලෝලීන් අතර මේ වන විටත් විශාල කතාබහක් ඇති කර තිබෙන මෙම චිත්රපටය සම්මාන උළෙල ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇති බව පැහැදිලියි. සංගීතය සහ චිත්තවේගීය අත්දැකීම් මුසු වූ මෙම සිනමා සිත්තම රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරි දිනවලදී චිත්රපටය පිළිබඳ තවත් තොරතුරු දැනගන්න අප සමඟ රැඳී සිටින්න.

Discussion & Feedback