දකුණු ලෙබනනයේ දේශසීමා ආශ්රිත ප්‍රදේශ මේ වන විට සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින්. මීට පෙර ඉතාමත් සුන්දරව තිබුණු මේ ප්‍රදේශවල අද දකින්න ලැබෙන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වුණු ගොඩනැගිලි සහ අතහැර දාපු ගොවිබිම් විතරයි. නාකූරා නගරය ආසන්නයේ තිබෙන ලෙබනන් හමුදා මුරපොළෙන් පස්සේ එහා පැත්තේ පේන්න තියෙන්නේ ඊශ්‍රායල ධජයන්. මේ ප්‍රදේශය හෙස්බොල්ලා සංවිධානයේ බලකොටුවක් විදිහට සැලකෙන අතර, මේ වන විට ඊශ්‍රායල හමුදාව ලෙබනන් භූමියෙන් 5%ක් පමණ තමන්ගේ පාලනයට නතු කරගෙන ඉවරයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සහාය ඇතිව බීබීසී මාධ්‍ය කණ්ඩායම මේ ප්‍රදේශවල සංචාරය කරද්දී දැකගන්න ලැබුණේ ඊශ්‍රායල හමුදාව ඉතාමත් ක්‍රමානුකූලව ඔවුන්ගේ කඳවුරු ශක්තිමත් කරන ආකාරයයි. මේ වන විට ඔවුන් නව කඳවුරු හතරක් පිහිටුවාගෙන තියෙනවා. ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ උතුරු ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් මේ ප්‍රදේශවල දිගුකාලීනව රැඳී සිටීමට ඔවුන් සැලසුම් කරලා තියෙන බවයි. නමුත් මේ ක්‍රියාමාර්ග නිසා සිවිල් වැසියන්ගේ දේපළ විනාශ වන බවට මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම චෝදනා කරනවා. ඈතින් ඇසෙන පිපිරීම් හඬ සහ අහසේ සැරිසරන ඩ්‍රෝන යානා මගින් මේ ප්‍රදේශයේ පවතින බිහිසුණු තත්ත්වය හොඳින්ම පැහැදිලි වෙනවා.

Discussion & Feedback