ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් බීබීසී ආයතනයට එරෙහිව ගොනු කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 10ක අපහාසාත්මක නඩුවක් සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. 2021 ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කලහකාරී සිදුවීමට පෙර ට්රම්ප් කළ කතාවක් විකෘති කළ බවට චෝදනා කරමින් ඔහු මෙම නඩුව පවරා තිබුණත්, බීබීසී ආයතනය පවසන්නේ එම කතාවේ සැබෑ අරමුණ ගැන ට්රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්රම්ප් ජූනියර්, දියණිය ඉවන්කා ට්රම්ප් සහ බෑනා ජෙරඩ් කුෂ්නර්ට හොඳින්ම දැනුමක් ඇති බවයි. මේ නිසා ඔවුන්ව අධිකරණයට කැඳවීමට බීබීසී ආයතනය උත්සාහ කරනවා.
කෙසේ වෙතත්, මෙම පිරිසට නීතිමය ලේඛන භාර දීම බීබීසී ආයතනයට විශාල ගැටලුවක් වෙලා. ඔවුන්ගේ නිවෙස්වලට සහ ට්රම්ප් ටවර් එකට ගියත් ආරක්ෂක අංශවලින් සහ නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ නිසා පුද්ගලිකව ලේඛන භාර දෙනවා වෙනුවට විද්යුත් තැපෑලෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන් මෙම කැඳවීම් පත්රිකා යැවීමට අවසර ලබා දෙන්නැයි බීබීසී ආයතනය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මෙම නඩුවේ විභාගය 2027 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ට්රම්ප් පවුලේ සාමාජිකයන්ගේ සාක්ෂි මෙම නඩුවේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

Discussion & Feedback