2021 වසරේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරින් ඇමරිකානු හමුදා ඉවත් වීමේදී ඇති වූ බිහිසුණු සහ අතිශය සංවේදී සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කළ ‘කාබුල්’ නම් නවතම ටෙලි නාට්‍ය මාලාව ඉදිරි මාසයේදී BBC නාලිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මියගිය ජනප්‍රිය හොලිවුඩ් නළු එරික් ඩේන් රංගනයෙන් දායක වූ අවසන් නිර්මාණවලින් එකක් ලෙස මෙය සැලකෙන අතර, ඔහු මෙහි මාටින් නම් චරිතයට පණ පොවනවා. යුපෝරියා සහ ග්‍රේස් ඇනටමි වැනි ජනප්‍රිය නිර්මාණ හරහා ලොවම හඳුනන එරික් ඩේන්ගේ රංගන කුසලතාවය මෙම කතා මාලාව තුළින් නැවතත් දැකගන්න පුළුවන්.
මෙම කතා මාලාව ගෙතෙන්නේ තලේබාන් සංවිධානය කාබුල් නුවර ආක්‍රමණය කරන විට ජීවිත බේරා ගැනීමට උත්සාහ කරන නසානි පවුල වටායි. ඒ අතරතුර ප්‍රංශ පොලිස් නිලධාරීන්, ඉතාලි රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජර්මානු හමුදා ඇතුළු විවිධ රටවල නිලධාරීන් සිවිල් වැසියන් බේරා ගැනීමට දරන අසීරු උත්සාහය මෙහි ඉතා තියුණු ලෙස නිරූපණය කර තිබෙනවා. කාෂියා ඇඩමික් සහ ඕල්ගා චාජ්ඩාස් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම නිර්මාණය, ඉතිහාසයේ සිදුවූ විශාලතම දේශපාලන පෙරළියක් සාමාන්‍ය පවුලක දෘෂ්ටිකෝණයෙන් ඉතා සංවේදීව ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා. දරිනා අල් ජුන්ඩි, ෂර්වින් ඇලෙනාබි සහ ජොනතන් සැකයි වැනි ජාත්‍යන්තර නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වන අතර, මෙය ලෝක දේශපාලනයේ සංකීර්ණත්වය මනාව විදහා දක්වන නිර්මාණයක් බවයි විචාරකයන් පවසන්නේ.

Discussion & Feedback