මේ දවස්වල බැට්මෑන් කොමික් කතා මාලාව ගැන රසිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒකට ප්රධානම හේතුව තමයි බැට්මෑන්ගේ අලුත්ම සතුරා විදිහට හඳුන්වා දීපු ‘ඕජෝ’ (Ōjō) කියන චරිතය. මැට් ෆ්රැක්ෂන් සහ ජෝර්ජ් ජිමිනෙස්ගේ නිර්මාණයක් වන මේ චරිතය ඇත්තටම බැට්මෑන්ගේ ඉතිහාසයේ ඉන්න භයානකම සහ දක්ෂම සතුරෙක් කියලා තමයි දැන් පැවසෙන්නේ. ඇය සටන් කරන විදිහ සහ අතුරුදහන් වෙලා කුරුල්ලන් රංචුවක් විදිහට නැවත මතුවෙන හැකියාව ඇත්තටම හරිම අමුතුයි. බැට්මෑන් එක්ක කරපු සටන් වලදී ඇය පෙන්වපු දක්ෂතා නිසාම ඇයව බැට්මෑන්ගේ සතුරු ලැයිස්තුවේ ඉහළින්ම තියන්න පුළුවන්.
ඇත්තටම ඕජෝ බැට්මෑන්ව මරන්න එන වෘත්තීය ඝාතකයෙක්. මුලදී බැට්මෑන් හිතුවේ ඇය වෙනත් කෙනෙක්ව මරන්න ඇවිත් කියලා වුණත්, පස්සේ තමයි තේරුම් ගත්තේ ඇගේ ඉලක්කය වෙලා තියෙන්නේ කෙලින්ම බෲස් වේන්වමයි කියලා. බැට්මෑන්ගේ රහස පවා ඇය දැනගෙන ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඉදිරියේදී එන කොමික් කලාප වලදී තවත් ඝාතකයෝ කණ්ඩායමක් එන්න ඉන්නවා. ඒ වෙලාවට ඕජෝ බැට්මෑන් එක්ක එකතු වෙලා ඒ ඝාතකයන්ව විනාශ කරයිද, නැත්නම් බැට්මෑන්ව තනියම මරන්න උත්සාහ කරයිද කියන එක ගැන රසිකයන් ලොකු කුතුහලයකින් ඉන්නේ. කොහොම වුණත්, බැට්මෑන්ගේ ලෝකයට ඕජෝ කියන්නේ අලුත් සහ ඉතාම බලගතු තර්ජනයක් බව නම් පැහැදිලියි.

Discussion & Feedback