ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශය ඓතිහාසික ජයක් වාර්තා කරන්න සමත් වුණා. ඕස්ට්‍රේලියානු දේශයකදී ඔවුන් ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 198කට දැවී ගිය අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 426ක් ලබා ගනිමින් දැවැන්ත පෙරමුණක් ගත්තා. එහිදී තන්සිඩ් හසන් ඕස්ට්‍රේලියානු දේශයකදී ටෙස්ට් ශතකයක් ලබාගත් පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වුණා.
දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් යම් තරමක සටනක් දුන්නත්, මෙහිදී මෙහිදි හසන් මිරාස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තා. අවසානයේදී ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමි වුණේ ලකුණු 57ක ඉලක්කයක් පමණයි. එය ඉතා පහසුවෙන් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් වුණත්, ජොෂ් හේසල්වුඩ් සිය ටෙස්ට් කඩුලු 300 සීමාව පසු කරමින් දක්ෂතා පෙන්වූවා. මේ ජයග්‍රහණයත් එක්ක තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණ අරන් ඉන්නවා. දෙවන තරගය අගෝස්තු 22 වැනිදා මැකේ නුවරදී පැවැත්වීමට නියමිතයි.

Discussion & Feedback