බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන 2026-27 ක්‍රිකට් වාරයේ සිට අලුත්ම ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් හඳුන්වා දීමට පියවර අරන් තියෙනවා. ‘ඩොමෙස්ටික් 3’ (D3) ලෙස නම් කරලා තියෙන මේ තරගාවලියට කණ්ඩායම් හයක් ඇතුළත් වෙනවා. මෙහි විශේෂත්වය තමයි ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන ආකෘති තුනම එකම ව්‍යුහයක් යටතේ පැවැත්වීම. මේ අනුව දෙසැම්බර් මාසයේදී විස්සයි විස්ස තරගාවලියත්, ජනවාරි මාසයේදී පළමු පෙළ තරගාවලියත්, මැයි මාසයේදී එක්දින තරගාවලියත් පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා වෝල්ටන්, ඇක්මේ ලැබෝරටරිස්, ඒසීඊ බ්ලූ ස්ටාර්, සිටිසන්ස් බැංකු, සෙවන් රින්ග්ස් සිමෙන්ති සහ ෆෝචූන් ගෲප් යන ආයතන හය අයිතිකරුවන් ලෙස ගිවිසුම්ගත වෙලා තියෙනවා. එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු බැගින් තෝරා ගැනීමට නියමිත අතර, මෙහිදී මෙහිදී මුෂ්ෆිකර් රහීම්, මෙහිදි හසන් මිරාස් සහ තව්හිද් රිදෝයි වැනි ප්‍රබල ක්‍රීඩකයින් අයිකන් ක්‍රීඩකයින් ලෙස නම් කරලා තියෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් සභාපති තමීම් ඉක්බාල් පවසන විදිහට, මේ නව ක්‍රමවේදය හරහා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් උනන්දුවක් සහ විශාල දියුණුවක් ලබාගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ දිනවල කණ්ඩායම් කළමනාකාරීත්වය සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමේ කටයුතු සිදුවෙන අතර, ලබන මාසයේදී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමටත් සියල්ල සූදානම් කරලා තියෙනවා. බංග්ලාදේශයේ දේශීය ක්‍රිකට් වාරය ඔක්තෝබර් 3 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ජාතික ක්‍රිකට් ලීග් තරගාවලියත් සමඟින් උණුසුම් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback