අප්රිකානු මහද්වීපය අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ අලුත් ඉතිහාසයක් ලියන්න සූදානම් වෙනවා. ඒ චීනයේ චැං-ඊ 8 (Chang’e-8) සඳ ගොඩබෑමේ මෙහෙයුම හරහා අප්රිකාවේ පළමු සඳ ගවේෂණ ව්යාපෘතිය දියත් කිරීමට නියමිත නිසයි. මේ ව්යාපෘතියේ ප්රධාන අංගය වෙන්නේ ‘BALLS’ ලෙස හඳුන්වන ගෝලාකාර පරීක්ෂණ උපකරණ තුනක් සඳේ දක්ෂිණ ධ්රැවයට යැවීමයි. මේ උපකරණ මගින් සඳේ සිට විශ්වයේ ඈතම කෙළවරේ තියෙන රහස් සොයාගන්නා රේඩියෝ දුරේක්ෂ පද්ධතියක් නිර්මාණය කරනවා.
පෘථිවියේ වායුගෝලය සහ විවිධ බාධා නිසා අපිට පෘථිවියේ සිට නිරීක්ෂණය කරන්න බැරි අඩු සංඛ්යාත රේඩියෝ තරංග නිරීක්ෂණය කරන්න මේ සඳේ පිහිටීම ගොඩක් උදව් වෙනවා. මේ ව්යාපෘතියේ අධ්යක්ෂිකා කාර්ලා මිචෙල් පවසන විදිහට, මේක අප්රිකානු විද්යාඥයන්ට තමන්ගේ සිහින සැබෑ කරගන්න ලැබෙන ලොකු අවස්ථාවක්. මේ ගෝලාකාර උපකරණ මගින් ලබාගන්නා දත්ත චීන ගොඩබෑමේ යානය හරහා පෘථිවියට එවනවා. මේක අනාගතයේදී සඳ මත විශාල රේඩියෝ දුරේක්ෂ ජාලයක් පිහිටුවීමට තබන මුල්ම පියවරක් විදිහට තමයි සැලකෙන්නේ.
මේ මෙහෙයුම මගින් විශ්වයේ ආරම්භය සහ ඈත අතීතය ගැන වටිනා තොරතුරු රැසක් සොයාගන්න පුළුවන් වේවි කියලා විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. 2029 වසරේදී දියත් කිරීමට නියමිත මේ මෙහෙයුම, අප්රිකාවට අභ්යවකාශ තාක්ෂණයේ නව දොරක් විවර කර දෙනු ඇති අතර, එය මුළු ලෝකයටම වැදගත් පර්යේෂණාත්මක දායකත්වයක් ලබා දෙනු නොඅනුමානයි.

Discussion & Feedback