බාලි දිවයිනේ සංවිධානය කරපු දුවන තරගයකදී දේශීය ඉන්දුනීසියානු ජාතිකයින්ව හිතාමතාම බැහැර කළා කියන චෝදනාව මත ලන්දේසි ජාතිකයින් දෙදෙනෙකුට ඉන්දුනීසියාවට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා. ‘Entourage Bali’ කියන කණ්ඩායම විසින් සංවිධානය කරපු මේ දුවන තරගයට විදේශිකයන්ට විතරක් ප්‍රමුඛතාවය දීලා, දේශීය අයට ඇතුළු වෙන්න ඉඩ නොදුන්නා කියලා සමාජ මාධ්‍ය හරහා ලොකු විරෝධයක් මතුවුණා. මේ සිද්ධියත් එක්කම බාලි බලධාරීන් පවසන්නේ මේ අය කිසිම නිසි අවසරයක් නැතුව තමයි මේ තරගය සංවිධානය කරලා තියෙන්නේ කියලා.
මේ සිද්ධිය නිසා බාලි දිවයිනේ ඉන්න විදේශිකයන් සහ ප්‍රදේශවාසීන් අතර තියෙන ගැටුම් තවත් උග්‍ර වෙලා තියෙනවා. මේ ලන්දේසි ජාතිකයින් දෙදෙනා දැනටමත් සිංගප්පූරුවට ගිහින් ඉන්න නිසා ඔවුන්ට නැවත ඉන්දුනීසියාවට එන්න බැරි විදිහට තහනමක් පනවා තිබෙනවා. ‘Entourage Bali’ ආයතනය මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියන්නේ ඒක තාක්ෂණික දෝෂයක් කියලා වුණත්, බලධාරීන් නම් කියන්නේ මේ විදිහට රට ඇතුළේ තවත් රාජ්‍යයක් වගේ හැසිරෙන්න කාටවත් ඉඩ දෙන්න බැහැ කියලයි. බාලි ආණ්ඩුකාරවරයාත් මේ වගේ සිදුවීම් නැවත නොවෙන්න දැඩි පියවර ගන්නවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා.

Discussion & Feedback