Baldur’s Gate 3 කියන්නේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් ආසාවෙන් සෙල්ලම් කරන ක්රීඩාවක්නේ. Larian Studios එකෙන් මේ ක්රීඩාවට අලුත් දේවල් එකතු කරන එක නතර කළත්, රසිකයන් විසින් හදපු අලුත් ‘මොඩ්ස්’ (Mods) නිසා මේ ක්රීඩාව තවමත් අලුත් විදිහට අත්විඳින්න පුළුවන්. ඒ අතරින් ‘Trials of Tav’ කියන මොඩ් එක ගොඩක් ජනප්රියයි. මේකෙන් වෙන්නේ සාමාන්ය RPG ක්රීඩාවක් විදිහට තිබුණ Baldur’s Gate 3 එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, අලුත් විදිහේ ‘රොගුලයික්’ (Roguelike) වික්රමාන්විතයක් බවට පත් කරන එකයි. දැන් මේකේ අලුත්ම සංස්කරණය විදිහට ‘Trials of Tav: Reloaded’ නිකුත් වෙලා තියෙනවා.
මේ අලුත් Reloaded සංස්කරණය හරහා ක්රීඩකයන්ට කලින්ට වඩා ගොඩක් දියුණු අත්දැකීමක් ලැබෙනවා. මේකේදී කතාවට වඩා වැඩි අවධානයක් යොමු වෙන්නේ සටන් කිරීම සහ අභියෝග ජය ගැනීම මතයි. මෙහි අලුත් සිතියම් 31ක් සහ Dungeons & Dragons ලෝකයෙන් ගත්ත අලුත් රාක්ෂයන් 220කට වඩා එකතු කරලා තියෙනවා. විශේෂම දේ තමයි, මේකේ අලුත් මල්ටිප්ලේයර් මෝඩ් එකක් තියෙනවා. ඒකෙන් ක්රීඩකයෙක්ට ‘GM’ (Game Master) විදිහට වැඩ කරලා, සතුරන්ව පාලනය කරමින් තමන්ගේ යාළුවෝ එක්ක මේ ක්රීඩාව අලුත් විදිහකට සෙල්ලම් කරන්න පුළුවන්. ඔයා Baldur’s Gate 3 වලට ආස කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ අලුත් අත්දැකීම අත්හදා බලන්න.

Discussion & Feedback