ලෝක ප්රකට BAFTA සිනමා සම්මාන උළෙලේ ඉදිරි තරගාවලි සඳහා නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී වඩාත්ම කැපී පෙනෙන වෙනස වන්නේ කෘත්රිම බුද්ධිය හෙවත් Generative AI තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයයි. චිත්රපට නිර්මාණයකදී AI තාක්ෂණය භාවිතා කර ඇත්නම්, එම නිර්මාණයට මිනිස් මැදිහත්වීම කොතෙක් දුරට සිදුවී ඇත්දැයි විමසා බැලීමට BAFTA ආයතනයට අයිතියක් තිබෙනවා. සිනමා ක්ෂේත්රයේ නිර්මාණශීලීත්වය යනු මිනිස් දායකත්වය මත පදනම් වූවක් බව තහවුරු කිරීම මෙම නව නීතියේ අරමුණයි. මෙම කොන්දේසිය 2027 වසරේ පැවැත්වෙන සියලුම BAFTA සම්මාන උළෙලවල් සඳහා බලපැවැත්වෙනු ඇති.
මීට අමතරව, ‘Outstanding British Film’ හෙවත් විශිෂ්ටතම බ්රිතාන්ය චිත්රපට කාණ්ඩයේ දිගු ලැයිස්තුව (Longlist) චිත්රපට 15 සිට 20 දක්වා පුළුල් කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, අවසන් නිර්දේශිත චිත්රපට 10ක් පමණක් තෝරා ගැනීමේ ක්රමවේදය එලෙසම පවතිනවා. තවද, ‘Children’s & Family Film’ කාණ්ඩය මින් ඉදිරියට ‘Family Film’ ලෙස නම් කිරීමටත් තීරණය කර ඇති අතර, මෙය තරගකරුවන්ට සහ විනිශ්චය මණ්ඩලයට වඩාත් පැහැදිලි බවක් ලබා දෙනු ඇති.
80 වැනි BAFTA සිනමා සම්මාන උළෙල 2027 පෙබරවාරි 21 වැනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි. සිනමා ලෝලීන්ට මෙම වෙනස්කම් හරහා වඩාත් සාධාරණ සහ නිර්මාණශීලී තරගාවලියක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Discussion & Feedback