චීනය විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීම සඳහා දියත් කිරීමට නියමිතව තිබූ අභිලාෂකාමී ‘චැන්ග්-ඊ 7’ (Chang’e 7) මෙහෙයුම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට සිදුව තිබෙනවා. ටොන්කින් බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති ‘නාරා’ (Narra) නම් නිවර්තන පීඩන කලාපය නිසා ඇති වූ දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම දියත් කිරීම සිදුකිරීමට නොහැකි බව චීන අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළා. මුලින්ම අද දින දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, කාලගුණය යහපත් නොවීම නිසා එය තවදුරටත් ප්‍රමාද කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
මෙම මෙහෙයුම සඳ මත ඇති ජල අයිස් සොයා ගැනීම සහ අනාගත මිනිස් ජනාවාස පිහිටුවීම සඳහා ඉතා වැදගත් එකක් ලෙස සැලකෙනවා. චැන්ග්-ඊ 7 යානය සඳේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි ෂැකල්ටන් ආවාටය ආශ්‍රිතව ගොඩබෑමට නියමිත අතර, එහිදී රොබෝ යානා යොදාගෙන ජලය සහ අනෙකුත් සම්පත් පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, පෘථිවිය සහ සඳ පෙළගැසෙන නිශ්චිත කාල රාමුවක් අවශ්‍ය නිසා, මෙම මෙහෙයුම නැවත කවදා දියත් කරනු ඇත්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. සමහර වාර්තා පවසන්නේ මෙය සැප්තැම්බර් මාසයේදී හෝ ඇතැම් විට 2027 වසරේදී සිදුවිය හැකි බවයි.

Discussion & Feedback