කොඳු ඇට පෙළේ ඇදවීම් හෙවත් ස්කොලියෝසිස් (Scoliosis) රෝගය සඳහා සිදුකරන ශල්‍යකර්ම මේ වන විට ඉතාමත් ආරක්ෂිත සහ සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන බව ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලේ (BMH) විශේෂඥ වෛද්‍යවරු පවසනවා. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ, නවීනතම ස්නායු නිරීක්ෂණ තාක්ෂණය සහ ශල්‍යකර්ම සඳහා යොදාගන්නා GPS වැනි මගපෙන්වීමේ පද්ධති හරහා ශල්‍යකර්මවල අවදානම විශාල ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇති බවයි. විශේෂයෙන්ම දරුවන්ගේ වර්ධනයත් සමඟ වෙනස් කළ හැකි ‘ග්රෝවින් රොඩ්ස්’ (Growing Rods) වැනි නවීන ක්‍රමවේද හරහා වයස අවුරුදු හතරේ සිටම දරුවන්ට ප්‍රතිකාර ලබා දීමට ඔවුන්ට හැකියාව තිබෙනවා.
මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා වයස අවුරුදු 7ත් 12ත් අතර දරුවන්ගේ උරහිස් හෝ ඉණෙහි අසමතුලිතතාවයක් තිබේදැයි දෙමාපියන් නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් ශල්‍යකර්මයකින් තොරව ව්‍යායාම සහ විශේෂිත පටි (Braces) මගින් රෝගය පාලනය කරගන්න පුළුවන්. බේබි මෙමෝරියල් රෝහල ශ්‍රී ලාංකික රෝගීන් වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන අතර, ඒ යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රතිකාර ගාස්තුවලින් 20%ක වට්ටමක් ලබා දීමටත්, ගුවන් ගමන් සහ නවාතැන් පහසුකම් සඳහා අනුග්‍රහය දැක්වීමටත් ඔවුන් සූදානම්. ලෝකයේ ඕනෑම දියුණු රටක පවතින තාක්ෂණයට සමාන පහසුකම් ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට ශ්‍රී ලාංකික රෝගීන්ට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.

Discussion & Feedback