ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් හමුවේ ඔවුන් මුහුණ දුන් අභියෝග ගැන කියැවෙන ‘කොඩෙක්ස් අස්කාතිත්ලාන්’ (Codex Azcatitlán) නම් වූ ඉතා වටිනා ඓතිහාසික ලේඛනය වසර 186කට පසුව නැවතත් මෙක්සිකෝවට රැගෙනවිත් තිබෙනවා. 16 වන සියවසේදී නිර්මාණය වුණා යැයි සැලකෙන මෙම ලේඛනය වසර ගණනාවක් තිස්සේ ප්‍රංශයේ ජාතික පුස්තකාලයේ තැන්පත් කර තිබුණේ. ප්‍රංශය සහ මෙක්සිකෝව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 200ක් පිරීම නිමිත්තෙන් මෙම ඓතිහාසික හුවමාරුව සිදුව තිබෙනවා.
මෙම හුවමාරුව යටතේ මෙක්සිකෝව විසින් ‘කොඩෙක්ස් බොටුරිනි’ (Codex Boturini) නම් වූ තවත් වටිනා ලේඛනයක් ප්‍රංශයට ලබා දී තිබෙනවා. ඇස්ටෙක්වරුන්ගේ සංක්‍රමණික ඉතිහාසය සහ ඔවුන් ටෙනොච්ටිට්ලාන් නගරය ගොඩනැගූ ආකාරය ගැන එහි සිතුවම් කර තිබෙනවා. මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂීන්බෝම් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අතර ඇති කරගත් එකඟතාවයකට අනුව මෙම හුවමාරුව සිදු වුණා.
පසුගිය කාලය පුරාම විදේශගතව තිබූ සිය ඓතිහාසික උරුමයන් නැවත මෙරටට ලබා ගැනීමට මෙක්සිකෝව විශාල උත්සාහයක් ගත්තා. ඒ අනුව පසුගිය වසරේදී පමණක් පුරාවස්තු 2,000කට අධික ප්‍රමාණයක් නැවත මෙක්සිකෝවට ගෙන ඒමට ඔවුන් සමත් වුණා. මේ වන විට මෙක්සිකෝ නගරයේ පිහිටි ජාතික මානව විද්‍යා කෞතුකාගාරයේදී මෙම දුර්ලභ ලේඛනය මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඇස්ටෙක්වරුන්ගේ අතීතය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙය ඉතා වැදගත් අවස්ථාවක් වේවි.

Discussion & Feedback