හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වුණු හේඩන් පැනෙටියර්ගේ අකල් මරණය සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙලා තියෙනවා. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලට අනුව, ඇය මියගොස් තිබෙන්නේ ෆෙන්ටැනයිල්, සැනැක්ස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ශරීරගත වීම නිසා ඇති වුණු විෂ වීමකින්. ඇයව සොයාගන්නා අවස්ථාවේදී කිසිදු බාහිර තුවාලයක් හෝ ශාරීරික හානියක් දක්නට නොලැබුණු නිසා, මෙය හදිසි අනතුරක් ලෙසයි බලධාරීන් තහවුරු කරලා තියෙන්නේ. වයස අවුරුදු 36කදී ඇය මෙලොවින් සමුගත්තේ බොහෝ දෙනෙක් කම්පනයට පත් කරමින්.
ඇය මියයන අවස්ථාවේදී ඇගේ හිටපු පෙම්වතා සහ ඔහුගේ සහෝදරයා අසල සිටි බවත් පොලිස් වාර්තාවල සඳහන් වෙනවා. හේඩන් තමන්ගේ ජීවිතයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික පීඩනය ගැන මීට පෙරත් විවෘතව කතා කරලා තිබුණා. වයස අවුරුදු 16දී තමන්ගේ වෘත්තීය කණ්ඩායමේ කෙනෙක් ලබාදුන් ‘හැපි පිල්’ එකකින් පටන් ගත් මේ ගමන, ඇයව මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි කරවූ බව ඇය මෑතකදී නිකුත් කළ පොතේත් සඳහන් කර තිබුණා. ඇගේ සහෝදරයා වන ජැන්සන් පැනෙටියර්ද මීට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මියගිය අතර, මේ පවුලම මුහුණ දුන් ඛේදජනක ඉරණම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා. මේ වන විට ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයද මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback