ලෝක සිනමාවේ දැවැන්ත සම්මානයක් වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්යන්තර චිත්රපටය ලෙස තරග වැදීම සඳහා ඔස්ට්රියාව විසින් ‘රෝස්’ (Rose) චිත්රපටය නම් කරලා තියෙනවා. මාකස් ෂ්ලින්සර් අධ්යක්ෂණය කරන මේ කළු සුදු චිත්රපටය දැනටමත් ලෝක සිනමා රසිකයින් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙන්නේ එහි තියෙන අපූරු කතා තේමාව නිසයි. ප්රසිද්ධ නිළි සැන්ඩ්රා හුලර් මෙහි ප්රධාන චරිතයට පණ පොවන අතර, ඇය මේ චරිතය වෙනුවෙන් බර්ලින් සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි රිදී වලසා සම්මානයත් දිනාගන්න සමත් වුණා.
තිස් අවුරුදු යුද්ධය පැවති සමයේ හුදෙකලා ගම්මානයකට පැමිණෙන අභිරහස් සොල්දාදුවෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. තමන්ගේ මුහුණේ කැළලක් තියෙන මේ අමුතු පුද්ගලයා, අතහැර දාපු ගොවිපළක උරුමක්කාරයා බව පවසමින් ගම්වාසීන්ව පුදුමයට පත් කරනවා. ඉතාම දක්ෂ ලෙස රංගනයේ යෙදෙන සැන්ඩ්රා හුලර්, මේ චරිතය හරහා තමන්ගේ රංගන කුසලතාවය නැවත වතාවක් ලෝකයටම ඔප්පු කරලා තියෙනවා. විචාරකයින් පවා මේ චිත්රපටය හඳුන්වන්නේ ඉතාම ගැඹුරු සහ බුද්ධිමය සිනමා අත්දැකීමක් විදිහටයි.
මේ චිත්රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔස්ට්රියානු සහ ජර්මානු නිෂ්පාදකවරුන් එකතු වෙලා. දැනටමත් ලෝකයේ රටවල් ගණනාවක බෙදාහැරීමේ අයිතිය ‘Mubi’ ආයතනය විසින් මිලදී අරගෙන තියෙනවා. ප්රවීණ අධ්යක්ෂකවරයෙක් වගේම කැස්ටින් අධ්යක්ෂකවරයෙක් විදිහටත් ප්රසිද්ධ මාකස් ෂ්ලින්සර්ගේ තුන්වැනි සිනමා නිර්මාණය විදිහට එන මේ චිත්රපටය, ඉදිරියේදී පැවැත්වෙන ඔස්කාර් උළෙලේදී ලොකු තරගයක් ලබා දෙයි කියලා තමයි සිනමා විචාරකයින් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback