ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ ආසන්නයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. මේ සිදුවීමෙන් පසුව රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් ඉන්න නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් නව ගිනි අවි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව, ලබන නොවැම්බර් දෙවැනිදා සිට ගිනි අවි භාරදෙන අයට මුදල් ගෙවීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා.
මේ වැඩසටහන යටතේ තමන් සතු ගිනි අවි රජයට භාරදෙන අයට අවි වර්ගය අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000ක් දක්වා වන්දි මුදලක් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම නීති විරෝධී ලෙස හෝ බලපත්‍ර කාලය ඉක්මවා ගිය අවි සතු අයට මේ අවස්ථාව හිමිවෙනවා. ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය එකතු වෙලා මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ පියවර හරහා රටේ තියෙන අනවශ්‍ය ගිනි අවි ලක්ෂ ගණනක් ඉවත් කරලා, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වෙයි කියලා බලධාරීන් විශ්වාස කරනවා.
ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් පවසන විදිහට, මේ අවි සියල්ලම ආරක්ෂිතව විනාශ කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම, මේ වගේ ඛේදවාචක නැවත සිදු නොවීමට නම් රට පුරාම ගිනි අවි නීති දැඩි කිරීම අත්‍යවශ්‍ය බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවා අවධාරණය කරලා තියෙනවා. ඉදිරියේදී තවත් ඉහළ වටිනාකමකින් යුත් ගිනි අවි සඳහාද මේ වන්දි ගෙවීමේ වැඩසටහන පුළුල් කිරීමට නියමිතයි.

Discussion & Feedback