ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය දිනක පැවැති පොඩ්කාස්ට් වැඩසටහනකදී ප්‍රසිද්ධ ගායිකා කයිලි මිනෝග් සම්බන්ධයෙන් සිදුකළ අසභ්‍ය ප්‍රකාශයක් නිසා මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. නිකී ඔස්බෝන් නම් විකට නිළියක් විසින් මෙහෙයවන ලද එම වැඩසටහනේදී ඇය අගමැතිවරයාගෙන් අසා තිබුණේ කයිලි මිනෝග්, නිකොල් කිඩ්මන් සහ රොන්ඩා බර්ච්මෝර් යන අයගෙන් කා සමඟ විවාහ වෙන්නද, පෙම් සබඳතාවක් පවත්වන්නද සහ ලිංගිකව එක්වන්නද යන්නයි. මුලින් මගහැරීමට උත්සාහ කළත්, පසුව ඇල්බනීස් විසින් කයිලි මිනෝග්ව තෝරා ගනිමින් ඇය ඉතා දක්ෂ තැනැත්තියක් බව පවසා තිබුණා. මෙම ප්‍රකාශයත් සමඟම ඕස්ට්‍රේලියාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් ඔහුට දැඩි ලෙස විවේචන එල්ල කළේ මෙය කාන්තාවන්ට කරන අගෞරවයක් සහ අගමැති ධුරයේ ගෞරවය පළුදු කරන ක්‍රියාවක් බව පවසමිනුයි.
මෙම සිදුවීමත් සමඟ ඇති වූ දැඩි විරෝධය හමුවේ අගමැති ඇන්තනි ඇල්බනීස් සඳුදා උදෑසන ඉතා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියා. පසුගිය නොවැම්බර් මාසයේදී විවාහ දිවියට එළඹි අගමැතිවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඔහු රටේ නායකයෙකු ලෙස වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. වැඩබලන අගමැති රිචඩ් මාර්ල්ස් පවසන්නේ තම රජය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත්, මෙම සිදුවීම අවාසනාවන්ත එකක් බවත්ය. කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback