තායිලන්තයේ පතායා නගරයේදී 17 හැවිරිදි දැරියක් අමානුෂික ලෙස ඝාතනය කර ඇගේ සිරුර ගමන් මල්ලක දමා දුම්රිය මාර්ගයක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන සයිමන් පීටර් කාමන්ව බැංකොක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහු රටින් පලා යාමට උත්සාහ කරන අතරතුරයි. සීසීටීවී දර්ශනවලින් පෙනී යන්නේ සැකකරු මෙම දැරිය සමඟ නිවසකට ඇතුළු වී පසුව විශාල ගමන් මල්ලක් රැගෙන තනිවම පිටතට පැමිණෙන ආකාරයයි. පසුව ඔහු එම මල්ල යතුරුපැදියකින් රැගෙන ගොස් දුම්රිය මාර්ගය අසල දමා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තියෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු තමාට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, මෙය තමාගේ පාලනයෙන් තොරව සිදුවූ දෙයක් බව පවසමින් දැරියගේ පවුලේ අයගෙන් සමාව අයදිනවා. කෙසේ වෙතත්, දැරියගේ පවුලේ අය ඉල්ලා සිටින්නේ මෙම අපරාධකරුට නීතියෙන් උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි. තමා ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ බව සැකකරු පැවසුවත්, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබෙනවා. මේ වන විට තායිලන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, මෙම අවාසනාවන්ත සිදුවීම මුළු රටම කම්පනයට පත් කිරීමට සමත් වී තියෙනවා.

Discussion & Feedback