ඇන්ටාක්ටිකාවේ පවතින දැඩි ශීත සෘතුවේ අඳුරු රාත්‍රියකදී ඕස්ට්‍රේලියානු ගුවන් සේවයක් විසින් සිදුකළ ඉතාමත් අභියෝගාත්මක මෙහෙයුමක් ගැන මේ දිනවල ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. ඇමරිකානු පර්යේෂණ මධ්‍යස්ථානයක සිටි රෝගියෙකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනයාමට තමයි ස්කයිට්රේඩර්ස් (Skytraders) ආයතනය මේ මෙහෙයුම දියත් කළේ. සෙල්සියස් අංශක -43ක දැඩි ශීතලක් සහ කිසිවක් නොපෙනෙන අඳුරු පරිසරයක් තිබුණත්, ඔවුන්ගේ එයාර්බස් A319 ගුවන් යානය ඉතාමත් ආරක්ෂිතව ඇන්ටාක්ටිකාවේ අයිස් ධාවන පථයට ගොඩබෑමට ගුවන් නියමුවන් සමත් වුණා.
මේ මෙහෙයුම ගැන අදහස් දක්වපු ගුවන් නියමු ඇල් වොලච් කිව්වේ, මේ වගේ කාලගුණික තත්ත්වයන් යටතේ ගුවන් යානයක් මෙහෙයවීම ඉතාමත් සංකීර්ණ සහ අවදානම් සහගත වැඩක් බවයි. ඇත්තටම මේක සාමාන්‍ය ගුවන් ගමනකට වඩා ගොඩක් වෙනස්, විශේෂඥ දැනුම සහ උපරිම නිරවද්‍යතාවය අවශ්‍ය වුණු වැඩක්. කොහොම වුණත්, පැය 24ක් ඇතුළත ගුවන් යානය වෛද්‍ය පහසුකම් සහිතව සකස් කරගෙන, කාලගුණය යහපත් වනතුරු බලා සිටි කණ්ඩායම, අවසානයේ රෝගියාව නිරුපද්‍රිතව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට රැගෙන ගියා. මේ වන විට එම රෝගියා සුවය ලබමින් ඉන්නවා.
ස්කයිට්රේඩර්ස් ආයතනය පවසන විදිහට, ශීත සෘතුවේදී මෙවැනි මෙහෙයුම් මීට පෙරත් සිදුකර තිබුණත්, මෙවර සිදුකළ මෙහෙයුම ශීත සෘතුවේ උච්චතම අවස්ථාවට ඉතාමත් ආසන්නව සිදුකළ එකක් වීම විශේෂත්වයක්. ඕනෑම මොහොතක අනතුරක් වෙන්න පුළුවන් වටපිටාවක, ගුවන් නියමුවන්, කාලගුණ විද්‍යාඥයින් සහ වෛද්‍ය කණ්ඩායම් එකතු වෙලා කරපු මේ කැපවීම ඇත්තටම අගය කළ යුතුයි.

Discussion & Feedback