ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබුණත්, තවමත් බොහෝ දරුවන් එම වේදිකා භාවිතා කරන බව හෙළි වී තිබෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ නීතිය කඩ කරන සමාජ මාධ්‍ය සමාගම්වලට පනවන උපරිම දඩ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 99 දක්වා දෙගුණ කිරීමටයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට්, ටික්ටොක් සහ යූටියුබ් වැනි ප්‍රධාන සමාගම් පහක් මේ වන විටත් පරීක්ෂණයකට ලක්වෙමින් පවතින අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමාගම් දක්වන මන්දගාමී ප්‍රතිචාර සම්බන්ධයෙන් රජය දැඩි කලකිරීමකින් පසුවනවා.
නව නීති සංශෝධන යටතේ, ඕස්ට්‍රේලියාවේ ඊ-සැෆ්ටි (eSafety) කොමසාරිස්වරයාට සමාජ මාධ්‍ය සමාගම්වලින් සාක්ෂි කැඳවීමට සහ ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට වැඩි බලතල ලැබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ තාක්ෂණික සමාගම් නීතියට ගරු කිරීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බවයි. බොහෝ දරුවන් තවමත් සමාජ මාධ්‍ය භාවිතා කරන බව වාර්තා වීමත් සමඟ, රජය මෙම පියවර ගෙන ඇත්තේ සමාගම්වලට බලපෑම් කිරීම සඳහායි. ඕස්ට්‍රේලියාවේ මෙම පියවර දෙස ලෝකයේම අවධානය යොමුව ඇති අතර, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් ද ඉදිරියේදී මෙවැනිම තහනම් නීති හඳුන්වා දීමට සූදානම් වන බව පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback