ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම් කිරීමේ ගාස්තු පසුගිය ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශාල ලෙස ඉහළ දමලා. මේ වෙනස්කම් විශේෂයෙන්ම බලපාන්නේ විදේශීය සිසුන්ට, තාවකාලික උපාධිධාරීන්ට සහ පවුල් වීසා අයදුම්කරුවන්ටයි. මේ අනුව, ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 2,500 දක්වාත්, තාවකාලික උපාධිධාරී (subclass 485) වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 5,750 දක්වාත් ඉහළ ගිහින් තියෙනවා. මේ තීරණය ගෙන තිබෙන්නේ එරට පවතින නිවාස ගැටලු, ජනගහන වර්ධනය සහ නිපුණතා සහිත සංක්‍රමණික අවශ්‍යතා සමතුලිත කිරීමේ අරමුණින්.
මේ ගාස්තු වැඩිවීමත් එක්ක පවුල් වීසා සහ දෙමාපිය වීසා අයදුම්පත් සඳහාත් සියයට 20ක පමණ වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම ස්ථිර පදිංචිය සහ නිපුණතා සංක්‍රමණික වීසා කාණ්ඩ කිහිපයකම ගාස්තු ඉහළ ගිහින් තියෙනවා. සංක්‍රමණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය ඕස්ට්‍රේලියාවේ පදිංචියට බලාපොරොත්තු වන සිසුන්ට සහ පවුල්වලට ලොකු බලපෑමක් ඇති කරන බවයි. කෙසේ වෙතත්, තවමත් විවිධ සංක්‍රමණික මාර්ග විවෘතව පවතින නිසා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අය අලුත්ම ගාස්තු සහ සුදුසුකම් පිළිබඳව නිල වෙබ් අඩවිය හරහා කල්තියා පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්.
මේ වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ වාර්ෂික වීසා ගාස්තු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් විදිහටයි සිදුකර තිබෙන්නේ. ඒ නිසා ඔබ ඕස්ට්‍රේලියාවට යන්න සැලසුම් කරනවා නම්, මේ නව ගාස්තු පිළිබඳව අවධානයෙන් ඉන්න එක අනිවාර්යයි.

Discussion & Feedback