ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ (WCK) සහන සේවිකා සෝමි ෆ්රෑන්ක්කොම්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් නොපවත්වන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු රජය දැඩි කෝපයකට පත්වෙලා. මේ තීරණය තමන් බලාපොරොත්තු වූ වගවීමක් නොවන බව පවසමින් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං මහත්මිය ඊශ්‍රායල තානාපතිවරයා කැඳවා සිය විරෝධය ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරයෙන් සෝමි ඇතුළු සහන සේවකයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණත්, ඊශ්‍රායල හමුදාව පවසන්නේ එහි කිසිදු අපරාධ චේතනාවක් නොතිබූ බවයි. නමුත් ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තීරණයක් බවයි.
සෝමිගේ පවුලේ අය සහ සහන සේවක සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව තමන්ගේම ක්‍රියාකලාපය විමර්ශනය කිරීම කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී සහන සේවකයන් නිරායුධ බවත්, ඔවුන්ගේ වාහන පැහැදිලිව හඳුනාගත හැකි ලෙස සලකුණු කර තිබූ බවත් ඔවුන් පෙන්වා දෙනවා. එසේ තිබියදීත්, එකම ප්‍රහාර මාලාවක් ලෙස වාහන කිහිපයකටම පහර දුන්නේ ඇයිද යන්න පිළිබඳව තවමත් පිළිතුරු ලැබී නැහැ. ඕස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, සෝමි ඇතුළු පිරිසට යුක්තිය ඉටු වන තුරු තමන් පසුබට නොවන බව විදේශ අමාත්‍යවරිය අවධාරණය කරනවා. ලෝක මානුෂීය දිනය දාම මෙවැනි තීරණයක් ගැනීම විශේෂයෙන්ම කණගාටුදායක බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback