ස්වයංක්‍රීය රථ තාක්ෂණයේ නියමුවෙක් වන ඕරෝරා (Aurora) සමාගම තමන්ගේ අනාගත ඉලක්කය ගැන ලෝකයම පුදුමයට පත් කරන ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ අනුව 2030 වසර අවසන් වෙද්දී ස්වයංක්‍රීයව ධාවනය වන ට්‍රක් රථ 30,000ක් පාරට බස්සන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් උපයන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේක ඇත්තටම ලොකු ඉලක්කයක් වුණත්, සමාගමේ මූල්‍ය ප්‍රධානියා ඩේවිඩ් මැඩේ කියන්නේ, වාර්ෂිකව ලෝකයේ නිෂ්පාදනය වන ට්‍රක් රථ ලක්ෂ ගණනක් එක්ක බලද්දී මේක එතරම් ලොකු අභියෝගයක් නෙවෙයි කියලයි.
මේ ගමන සාර්ථක කරගන්න ඕරෝරා සමාගම 2027 වසරේ ඉඳන් ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නයි හදන්නේ. දැනට ඔවුන් ට්‍රක් රථ තමන්ම අයිති කරගෙන සේවාව සැපයුවත්, ඉදිරියේදී පාරිභෝගිකයන්ටම ට්‍රක් රථ මිලදී අරන්, ඕරෝරා තාක්ෂණය සඳහා සැතපුමකට ගාස්තුවක් ගෙවන ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ සඳහා ඔවුන් ප්‍රබල හවුල්කරුවෙක් වන ‘ඔමුවියෝ’ (Aumovio) සමාගමත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ වෙනස්කම් නිසා 2027 මුල් භාගය වෙද්දී සමාගම ලාභ ලබන මට්ටමට එයි කියලා ඔවුන් විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, ආයෝජකයන් නම් මේ සැලසුම ගැන තවමත් ඉන්නේ ලොකු සැකයකින්. ඒ නිසාම සමාගමේ කොටස් මිල පසුගිය දිනවල යම් පසුබෑමකට ලක් වුණා. කොහොම වුණත්, 2028 වෙද්දී වියදම් පාලනය කරගෙන ලාභදායී මට්ටමකට එන්න පුළුවන් වෙයි කියලා ඕරෝරා සමාගම දැඩි විශ්වාසයකින් ඉන්නවා. ඒ වගේම අනාගතයේදී රොබෝ ටැක්සි සේවාවටත් පිවිසීමේ බලාපොරොත්තුව ඔවුන් තවමත් අත්හැරලා නැහැ.

Discussion & Feedback