මේ දවස්වල ලෝකය පුරාම ඇනිමෙ (Anime) කලාවට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. අලුත්ම වාර්තාවකට අනුව, නෙට්ෆ්ලික්ස් වේදිකාවේ අනිත් වැඩසටහන්වලට වඩා ඇනිමෙ නැරඹීමේ වේගය දස ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. පසුගිය වසර තුන ඇතුළත නෙට්ෆ්ලික්ස් නරඹන්නන් අතර ඇනිමෙවලට ලැබිලා තියෙන්නේ හරිම ඉහළ ප්රතිචාරයක්. විශේෂයෙන්ම ‘Blue Eye Samurai’ සහ ‘One Piece’ වගේ නිර්මාණ නිසා මේ ජනප්රියත්වය තවත් වැඩි වුණා කියලා තමයි වාර්තා වෙන්නේ.
Media Partners Asia ආයතනය නිකුත් කරපු දත්තවලට අනුව, 2023 වසරේ මුල් භාගයට සාපේක්ෂව මේ වසරේ මුල් භාගයේදී ඇනිමෙ නැරඹූ පැය ගණන 39%කින් ඉහළ ගිහින් තියෙනවා. ආසියානු රටවල ප්රිමියම් වීඩියෝ සේවාවන් භාවිතා කරන අයගෙන් 47%ක්ම මාසිකව ඇනිමෙ නරඹන බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ තත්ත්වය නිසා ඉදිරි වසර කිහිපය තුළ ඇනිමෙ නිෂ්පාදනය සහ ඒ ආශ්රිත ආයෝජන තවත් වේගයෙන් වර්ධනය වෙයි කියලා විශේෂඥයන් අනාවැකි පළ කරනවා.
දැන් ඇනිමෙ කියන්නේ නිකම්ම කාටූන් වර්ගයක් නෙවෙයි, ඒක ලොකු ව්යාපාරයක් බවට පත් වෙලා ඉවරයි. සෝනි (Sony) වගේ දැවැන්ත සමාගම් පවා මේ ක්ෂේත්රයට විශාල වශයෙන් ආයෝජනය කරන්නේ ඒ නිසා. කොහොම වුණත්, ඉදිරි කාලයේදී ගෝලීය වේදිකා සහ ජපන් නිෂ්පාදන ආයතන අතර මේ ඇනිමෙ නිර්මාණවල අයිතිය සහ නිෂ්පාදනය බෙදාහදා ගන්නා ආකාරය ගැන ලොකු තරගයක් ඇති වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇනිමෙ රසිකයන්ට නම් ඉදිරියේදී තවත් අලුත් සහ රසවත් නිර්මාණ රැසක් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback