ලොව පුරා අතිශය ජනප්රිය හැරී පොටර් කතා මාලාව ආශ්රයෙන් නිර්මාණය කළ නවතම ‘ෆුල්-කාස්ට්’ ශ්රව්ය පොත් මාලාව මේ වන විට පිටපත් මිලියන පහකට වඩා අලෙවි වී වාර්තාවක් පිහිටුවා තියෙනවා. ඇමසන් සමාගමට අයත් ඕඩිබල් (Audible) ආයතනය විසින් පසුගිය නොවැම්බර් මාසයේදී මෙම නවතම ශ්රව්ය පොත් මාලාව එළිදැක්වූ අතර, එය මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි දැවැන්ත ජනප්රියත්වයක් ලබා ගැනීම විශේෂත්වයක්. විශේෂයෙන්ම ‘බැක් ටු හොග්වර්ට්ස්’ දිනයට සමගාමීව මෙම ජයග්රාහී පුවත වාර්තා වීම රසිකයන්ට ලොකු සතුටක් ගෙන දෙනවා.
මෙම ශ්රව්ය පොත් මාලාව සාමාන්ය ශ්රව්ය පොත්වලට වඩා වෙනස් වන්නේ එහි දක්ෂ නළු නිළියන් දෙසීයකට අධික පිරිසක් චරිත නිරූපණය කිරීම නිසයි. හියු ලෝරි, රිස් අහමඩ් සහ කීරා නයිට්ලි වැනි ප්රවීණ නළු නිළියන් රැසක් මෙයට සිය දායකත්වය ලබා දී තියෙනවා. පැය එකසිය තිහක කාලයක් පුරා දිවෙන මෙම පොත් මාලාව, අති නවීන ශබ්ද තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර තිබීම නිසා ශ්රාවකයන්ට සැබෑ අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත HBO හැරී පොටර් කතා මාලාවට පෙර, මෙම ශ්රව්ය පොත් මාලාව රසිකයන් අතර විශාල උනන්දුවක් ඇති කර තිබෙනවා.
මීට පෙර ජිම් ඩේල් සහ ස්ටීවන් ෆ්රයි විසින් ඉදිරිපත් කළ ශ්රව්ය පොත් මාලාවන් ද ඉතා ජනප්රිය වුණා. නමුත් මෙම නවතම අනුවාදය ඉතා කෙටි කාලයකින් මිලියන පහක අලෙවියක් වාර්තා කරමින් පෙර පැවති වාර්තා පවා අභිබවා යාමට සමත් වී තියෙනවා. හැරී පොටර් ලෝලීන්ට මෙය සැබවින්ම අලුත් අත්දැකීමක් වේවි.

Discussion & Feedback