ලෝක ප්රකට බ්රෑම් ස්ටෝකර්ගේ ‘ඩ්රැකියුලා’ නවකතාව ඇසුරින් ඕඩිබල් (Audible) ආයතනය නිර්මාණය කළ අති දැවැන්ත ශ්රව්ය නාට්ය මාලාව පසුගියදා වෙනිස් සිනමා උළෙලේදී ප්රේක්ෂකයන්ට හඳුන්වා දුන්නා. මෙය භාෂා හතකින් නිර්මාණය වන අතර, ඒ ඒ රටවල ජනප්රියම නළු නිළියන් සහ අධ්යක්ෂවරුන් මේ සඳහා දායක කරගෙන තිබෙනවා. ඉංග්රීසි අනුවාදයේ ඩ්රැකියුලා ලෙස ජොනතන් බේලිත්, මීනා ලෙස එල්ලා පර්නෙල් සහ වැන් හෙල්සිං ලෙස මැගී ගිලන්හාල් රංගනයෙන් දායක වීම විශේෂත්වයක්. මේ නිර්මාණය සාමාන්ය ශ්රව්ය පොතකට වඩා සිනමාත්මක අත්දැකීමක් ලබා දෙන අයුරින් ඉතා උසස් මට්ටමකින් නිෂ්පාදනය කර තිබෙනවා.
මෙම නිර්මාණය අධ්යක්ෂණය කරන මේරි ලැම්බට් පවසන්නේ, දෘශ්ය මාධ්යයට හුරු තමන්ට ශ්රව්ය මාධ්යය අභියෝගයක් වුවත්, සාහිත්යය කෙරෙහි ඇති ඇල්ම නිසා එය සාර්ථකව කරගත හැකි වූ බවයි. විශේෂයෙන්ම මෙහිදී මීනා නම් චරිතයට වැඩි වටිනාකමක් ලබා දෙමින්, ඇයව කතාවේ සැබෑ වීරවරිය ලෙස නිරූපණය කිරීමට උත්සාහ කර තිබෙනවා. භීෂණය කියන්නේ අප දකින දේ පමණක් නොවෙයි, අපේ මනසින් මවාගන්නා දේ බවත්, වර්තමාන සමාජයේ පවතින අභියෝග සහ බිය තේරුම් ගැනීමට මෙවැනි කතාන්දර අත්යවශ්ය බවත් නිෂ්පාදකවරුන් පෙන්වා දෙනවා. ඕඩිබල් ආයතනය මේ හරහා ශ්රව්ය මාධ්යයට හොලිවුඩ් මට්ටමේ නිෂ්පාදන ගුණාත්මකභාවයක් එක් කිරීමට උත්සාහ කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Discussion & Feedback