ලෝක ප්‍රසිද්ධ ‘Attack of the Killer Tomatoes’ චිත්‍රපට මාලාවේ පස්වැනි කොටස වන ‘Attack of the Killer Tomatoes: Organic Intelligence’ චිත්‍රපටය මේ වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිට VOD වේදිකා හරහා නරඹන්නන්ට ලබාගන්න පුළුවන්. පසුගිය අගෝස්තු මාසයේ සිට සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළ මෙම විකට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඩේවිඩ් ෆෙරිනෝ විසින්. ස්ටාර්බෝඩ් එන්ටර්ටේන්මන්ට් සහ ස්ටෝන්කට්ටර් මීඩියා ආයතනවල එකතුවෙන් මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනවා.
1978 වසරේ ආරම්භ වුණු මෙම ජනප්‍රිය සිනමා කතා මාලාවේ අලුත්ම කොටසින් කියවෙන්නේ තරුණ ජෛව තාක්ෂණ විශේෂඥයෙක් විසින් ලෝකයේ ගැටලු විසඳන්න හදන අලුත් ජාන තාක්ෂණික එළවළුවක් ගැනයි. නමුත් මේ අත්හදා බැලීම පාලනයෙන් බැහැර වෙලා, මිනීමරු තක්කාලි පරම්පරාවක් ලෝකය පුරාම ව්‍යාප්ත වෙනවා. මේ අමුතුම කතාවේ ප්‍රධාන චරිත සඳහා ජෝන් ඇස්ටින්, ඩේවිඩ් කොක්නර්, එරික් රොබට්ස් වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් දායක වෙනවා.
මෙවැනි අමුතු සහ විනෝදජනක චිත්‍රපටවලට ලෝකය පුරාම ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා ස්ටෝන්කට්ටර් මීඩියා ආයතනය පවසනවා. චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන කොස්ටා ඩිලන් සහ ස්ටීව් පීස්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය, සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. ඉතින් ඔක්තෝබර් මාසයේදී මේ අමුතුම තක්කාලි ආක්‍රමණය බලන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා.

Discussion & Feedback