ඇමසන් සමාගමේ අන්තර්ජාල සේවා ව්යාපෘතිය සඳහා තවත් චන්ද්රිකා 29ක් අභ්යවකාශගත කිරීමට එක්සත් දියත් කිරීමේ සන්ධානය (ULA) පසුගිය බ්රහස්පතින්දා අලුයම කටයුතු කළා. ෆ්ලොරිඩා ප්රාන්තයේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් ඇට්ලස් V රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකා සාර්ථකව කක්ෂගත කළ අතර, දියත් කිරීමෙන් මිනිත්තු 70කට පසුව සියලුම චන්ද්රිකා නියමිත පරිදි පෘථිවියට ආසන්න පහත් කක්ෂයකට (LEO) පිවිසි බව නිල වශයෙන් තහවුරු වුණා. මෙය ඇමසන් සමාගමේ ‘ප්රොජෙක්ට් කුයිපර්’ නමින් හැඳින්වෙන දැවැන්ත අන්තර්ජාල ජාලයේ තවත් එක් පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම ව්යාපෘතියේ අරමුණ වන්නේ අනාගතයේදී චන්ද්රිකා 3,200කින් සමන්විත දැවැන්ත ජාලයක් නිර්මාණය කර ලොව පුරා අන්තර්ජාල පහසුකම් ලබා දීමයි. දැනටමත් ස්පේස්-එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් ජාලය සමඟ තරඟ කිරීමට ඇමසන් සමාගම සූදානම් වන අතර, මේ වන විට චන්ද්රිකා 400ක් පමණ අභ්යවකාශගත කර අවසන්. මෙවර දියත් කළ චන්ද්රිකා ටොන් 18ක බරකින් යුක්ත වන අතර, එය ඇට්ලස් V රොකට්ටුවක් මගින් රැගෙන ගිය වැඩිම බර ලෙස වාර්තා පොත් අතරට එක්වෙනවා. අනාගතයේදී ලොව පුරා අන්තර්ජාල සම්බන්ධතාවයේ විශාල පෙරළියක් කිරීමට මෙම චන්ද්රිකා ජාලය සමත් වේවි යැයි විද්යාඥයින් විශ්වාස කරනවා.

Discussion & Feedback