ප්රංශයේ නෝමන්ඩි කලාපයේ කාන් (Caen) නගරයේ දුම්රිය ස්ථානයක් අසලදී සිදුවූ බිහිසුණු රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මෝටර් රථයක් වේගයෙන් පැමිණ පිරිසක් මතට කඩා වැදීමෙන් තවත් දස දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. අනතුරට ලක්වූවන් සියල්ලන්ම වයස අවුරුදු 17ත් 40ත් අතර පසුවන පිරිමි පුද්ගලයන් බවත් වාර්තා වෙනවා. මෙම සිදුවීමට පෙර එම ප්රදේශයේ තිබූ බාර් එකක ගැටුමක් ඇතිවී තිබූ බවත්, පසුව රියදුරු හිතාමතාම පදිකයන් දෙසට මෝටර් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
සිද්ධියෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පලා ගියත්, පසුව කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි විස්ට්රෙහැම් (Ouistreham) වරාය නගරයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි රුසියානු ජාතිකයා මීට පෙර බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වූ අයෙක් නොවෙයි. මේ වන විට පොලිසිය පවසන්නේ මෙය ත්රස්තවාදී ක්රියාවක් බවට තවමත් සාක්ෂි ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන අංශයක් මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ප්රදේශවාසීන්ට එම ස්ථානය මගහැර කටයුතු කරන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇති අතර, තුවාල ලැබූවන්ට රෝහල්වලදී ප්රතිකාර ලබා දෙනවා.

Discussion & Feedback