ඉන්දියාවේ කොල්කටා නුවර මිර්සා ගාලිබ් වීදියේ පිහිටි හෝටලයක අද අලුයම හටගත් දරුණු ගින්නකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිදුවීමෙන් තවත් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ගින්නෙන් හටගත් ඝන දුමාරය නිසා ගොඩනැගිල්ලේ ඉහළ මහල්වලට ළඟා වීමට ගිනි නිවන භටයින්ට දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදු වුණා. අලුයම දෙකට පමණ හටගත් මෙම ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ පහක් යොදවා තිබූ අතර, මේ වන විට ගින්න පාලනය කර සිසිල් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක මෙවැනි ගින්නක් හටගත් දෙවන අවස්ථාව මෙයයි. මීට දින දෙකකට පෙර බිර්භුම් දිස්ත්‍රික්කයේ තාරාපීත් ප්‍රදේශයේ හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. එම සිදුවීමට අදාළව හෝටල් හිමිකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන අතර, කොල්කටා සිදුවීමට හේතුව සොයා පොලිසිය සහ ආපදා කළමනාකරණ අංශ මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගොඩනැගිල්ල තුළ තවමත් පිරිස් සිරවී සිටිනවාද යන්න පිළිබඳව සොයා බලමින් පවතින නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback